24 C
Colombo
Monday, March 17, 2025

තලේබාන්වරු ආණ්ඩු පිහිටුවීමට සැරසෙද්දී ඇෆ්ගනිස්තානයේ කාන්තාවෝ පාරට බසිති

- Advertisement -

කාන්තාවන් පනස් දෙනෙකුට ආසන්න පිරිසක් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරදී විරෝධතාවයක නිරත වී ඇති බව වාර්තා වේ.

තලේබාන් සංවිධානය විසින් බලය අත්කරගත් පසුබිමක කාන්තාවන් පිරිසක් කාබුල්හි මෙවන් උද්ඝෝෂණයක් පැවැත්වීම විරල සිදුවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තමන්ට රැකියා කිරීමට ඇති අයිතිය තහවුරු කරන ලෙස විරෝධතාවයේ නිරත කාන්තාවන් මෙහිදී අවධාරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙමගින් මේ වනවිට ඇෆ්ගනිස්තානයේ පවතින ආර්ථික දුෂ්කරතා සහ අවිනිශ්චිතතාවයන් ⁣පිළිබිඹු වන බවයි.

1996 සිට 2001 දක්වා ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වූ තලේබාන් පාලනය තුළ කාන්තාවන්⁣ රැකියාවල නිරතවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබිණ.

නැවත එවන් තත්වයක් උද්ගතවේයැයි යන බියෙන් එරට බහුතර කාන්තාවන් දැඩි පීඩනයකට ලක්ව සිටින බව ද
සදහන් වේ.

ඇෆ්ගනිස්තානයේ නව රජය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශ කෙරෙනු ඇතැයි වාර්තා වන අතර එහි ප්‍රධානියා වනු ඇත්තේ තලේබාන් සංවිධානයේ ආරම්භක නායකයකු වන මුල්ලා අබ්දුල් ගානි බර්දාර් බව ද සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

මිදිගම වෙඩි තැබිමක්

මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (17) අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති...

සාමාන්‍ය පෙළ විභාගය අදයි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට...

වර්ජනය අත්හිටුවලා

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද (16) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දෙදින සංකේත වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. විෂයභාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන්...

POPULAR ARTICLES

හවස වහිනවා

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ...

මිදිගම වෙඩි තැබිමක්

මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (17) අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති...

සාමාන්‍ය පෙළ විභාගය අදයි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට...