31 C
Colombo
Saturday, December 28, 2024

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ‘ටැක්ස් ෆයිල්’

- Advertisement -

වසර අවසන් වීමට පෙර ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් බදු ගොනුවක් විවෘත කිරීමේ ව්‍යාපෘතියක් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය මගින් ආරම්භ කර තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඇති ආදායම් එකතු කිරීමේ අංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ අනුව සියලුම ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට කැඳවා ඔවුන්ට බදු ලිපිගොනු සකස් කර ගන්නා ආකාරය හා මේ වන විට බදු ගොනු පවත්වාගෙන යන මන්ත්‍රීවරුන්ට ඒවායේ අඩුපාඩු සකස්කර ගන්නා ආකාරය පිළිබඳව ආදායම් එකතු කිරීමේ අංශයේ නිලධාරීන් විසින් උපදෙස් දීම සිදු කරන බව සඳහන්.

දෙසැම්බර් 30 වන දාට පෙර මෙම බදු ලිපිගොනු පුරවා අවසන් කරන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා.

මෙතෙක් බදු ලිපිගොනු විවෘත කර නොතිබූ මන්ත්‍රීවරුන් තිස් දෙනෙකු පමණ මේ වැඩසටහන යටතේ අලුතින් බදු ලිපිගොනු විවෘත කර තිබෙන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරනවා.

මේ වන විටත් බදු ලිපි ගොනු පවත්වාගෙන යන අය ඔවුන්ට පවතින ප්‍රශ්න ඉදිරිපත් කොට ඒවා නිරාකරණය කරගෙන තිබෙනවා.

මෙම වැඩසටහනේ බලාපොරොත්තුව ආණ්ඩු පක්ෂ සියලුම මන්ත්‍රිවරුන් නිසි පරිදි වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම සහ බදු ලිපිගොනුවක් නඩත්තු කිරීම බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කරනවා.

මෙම ක්‍රමය මඟින් සියලු මන්ත්‍රීවරුන්ගේ සැබෑ ආදායම් එළිදරව් වන අතර ඔවුන් නිසි පරිදි ආදායම් බදු ගෙවන පුරවැසියන් බවට පත් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුව බව ආශු මාරසිංහ මහතා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ - මින්ඩනාඕ දූපතේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 5. 7ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය, කිලෝමීටර 10ක් පමණ ගැඹුරට...

තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයාගේ සහෝදරයා අත්අඩංගුවට

0
රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සලෝචන ගමගේ මහතා බවට News...

මාලිමාවේ මන්ත්‍රීවරියකගෙන් CIDයට පැමිණිල්ලක්

තමා සම්බන්ධයෙන් ෆේස්බුක් සහ වට්ස් ඇප් හරහා හුවමාරු වන අසත්‍ය හා ද්වේෂ සහගත පණිවුඩ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞශල්‍යා ආරියරත්න මහත්මිය ඊයේ (27) අපරාධ පරීක්ෂණ...

POPULAR ARTICLES

කාසියේ වාසිය ශ්‍රි ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ...

තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයාගේ සහෝදරයා අත්අඩංගුවට

0
රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සලෝචන ගමගේ මහතා බවට News...

පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ - මින්ඩනාඕ දූපතේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 5. 7ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය, කිලෝමීටර 10ක් පමණ ගැඹුරට...