ගුරුවරුන්ගේ වැටුප් දිනය වන අද දිනයේ දිවයිනේ කිසිදු ගුරුවරයෙක් හට සිය මාසික වැටුප ලැබී නොමැති බව වාර්තා වනවා.
සාමාන්‍ය ක්‍රමවේදය පරිදි සෑම මසකම 20 වන දින ගුරුවරුන්ගේ වැටුප් දිනය වනවා.
මේ සම්බන්ධයෙන් News19 කළ විමසීමේදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසුවේ එම තොරතුර සත්‍ය බවයි.
ගුරුවරුන් තම වැටුප නොලැබීම සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් කළ විමසීමේදී පවසා ඇත්තේ අද දහවල් 12 න් පසුව එය ලබාදීමට කටයුතු කරන බවයි.
ගුරුවරුන්ට නිසි වේලාවට වැටුප් ගෙවාගත නොහැකි පරිසරයක් තුළ ජනාධිපතිවරයා විසින් මෙරට ජනරජ දිනය සමරා පෙරහැරක් සංවිධානය කර තිබීම විශේෂත්වයක්.