කොළඹ චැතැම් වීදියේ විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාර

චැතැම් වීදියේ විරෝධතාවේ නිරත පිරිස විසුරුවා හැරීමට ටෙලිකොම් මංසන්ධිය ආසන්නයේදී දෙවන වරටත් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. මේ අතර, මහරගමදී පොලිස් නිලධාරියෙක් ද අරගලයට සහාය පළ කරමින් ඊට එක්වී තිබුණි. පොලිස් යතුරුපැදියකින් විරෝධතාකරුවන් අතරට පැමිණි එම පොලිස් නිලධාරියා සිය හිස්වැසුම පොළොවේ ගසා අරගලයට සහාය පළකළේය.