ගාලු මුවදොර අරගල භූමිය දෙසට කඳුළු ගෑස් ප්රහාර එල්ල වී ඇති බව වාර්තා වනවා.
මහ බැංකුව අසල විරෝධතාවයේ නිරත පිරිසක් විසුරුවා හැරීම සඳහා එල්ල කළ කඳුළු ගෑස් ප්රහාර එලෙස අරගල භූමිය වෙත පතිතවී ඇති බවයි පැවසෙන්නේ.
චැතැම් වීදියේ විරෝධතාවේ නිරත පිරිස විසුරුවා හැරීමට ටෙලිකොම් මංසන්ධිය ආසන්නයේදී දෙවන වරටත් කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කරනු ලැබුවා.
මේ අතර, මහරගමදී පොලිස් නිලධාරියෙක් ද අරගලයට සහාය පළ කරමින් ඊට එක්වී තිබුණි.
පොලිස් යතුරුපැදියකින් විරෝධතාකරුවන් අතරට පැමිණි එම පොලිස් නිලධාරියා සිය හිස්වැසුම පොළොවේ ගසා අරගලයට සහාය පළකළේය.