29 C
Colombo
Friday, July 5, 2024

ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාව‍ට තර්ජනයක්‍

- Advertisement -

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාව බරපතළ අනතුරක හෙළීමක් වන නිසා එම ආයතනය පෞද්ගලීකරණය නොකළ යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිකුත් කළ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට වන බලපෑම පිළිබඳ වාර්තාවේ මේ බව සඳහන්.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පිළිබඳව කවර හෝ තීරණයක් ගැනීමට පෙර ජාතික ආරක්ෂාවට සිදුවිය හැකි බලපෑම ආදිය ගැන විමසිලිමත් විය යුතු බව සඳහන් වනවා.

විදුලි සංදේශ පද්ධතියට එල්ල වන සාර්ථක සයිබර් ප්‍රහාරයකට ජාතික ආරක්ෂාව බරපතළ අනතුරකට ලක් කළ හැකි බවත් දුරකථන භාවිතා කරන්නන් දහස් ගණනකගේ සේවා අඩාළ කිරීම ගනුදෙනුකරුවන් දස ලක්ෂ ගණනකට අන්තර්ජාල පහසුකම් අහිමි කිරීම ව්‍යාපාර අකර්මණ්‍ය කිරීම මෙන්ම රජයේ මෙහෙයුම් වසා දැමීම කළ හැකි බවත් එම වාර්තාවේ සඳහන්.

රජයේ සහ ආරක්ෂක අංශවල සියලු වෙබ් අඩවි පවත්වාගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් හරහා වන අතර ඒ හේතුවෙන් රජයට පෞද්ගලික සමාගමකින් එම සේවාවන් ලබා ගැනීමේදී දැරිය යුතු වියදමට සාපේක්ෂව ඉහළ යනු ඇති.

ශ්‍රී ලංකා ටෙලිකොම් යනු රටේ පැරැණිතම විදුලි සංදේශ සේවා සපයන්නා වන හෙයින් ඊට දශක ගණනාවක් පුරා විහිදුණු දත්ත පද්ධතියක් තිබෙන අතර එය පෞද්ගලිකරණය කළහොත් එම සියලු දත්ත පෞද්ගලික සමාගම්වලට විවෘත වන බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

කුකුළු මස් නිශ්පාදනය ඉහළට

වසරක් තුළ නිෂ්පාදනය කළ වැඩිම කුකුළු මස් නිෂ්පාදනය මේ වසරේ ගතවූ මාස හය තුළ වාර්තාවී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එම ප්‍රමාණය කුකුළු මස් කිලෝග්‍රෑම්...

මිලියන 58ක් වියදම් කර මෙරටට ගෙන ආ පොලිස් සුනඛයෝ

පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහා ආනයනය කළ සුනඛයින් 35 දෙනෙකු අද (05) අලුයම නෙදර්ලන්තයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා. නෙදර්ලන්තයේ K10 Workingdogs...

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වෙන විදිය ගැන නන්දලාල් කියයි

ශ්‍රී ලංකා රජය සහ ස්වෛරී බැඳුම්කරහිමියන් අතර පැමිණි එකඟතාවය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ නිල ණයහිමි කමිටුව විසින් අනුමත කළහොත් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන්...

POPULAR ARTICLES

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...

ඩොලරය පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (02) දිනයේ ඩොලරය පහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 300.39ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම්...