24 C
Colombo
Saturday, January 4, 2025

නුවරඑලිය මහ රෝහලෙන් අක්ෂි සැත්කම් කල දස දෙනෙකුගේ ඇස් පෙනිමේ දුර්වල වෙයි

- Advertisement -

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙක්ට පෙනීම අහිමි වීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ අදාළ ශල්‍යකර්ම සිදුකිරීමෙන් පසු තමන්ට ඇස් නොපෙනීම හේතුවෙන් රෝගීන් කිහිපදෙනෙක් මේ වන විට යළි රෝහලට ඇතුළත් වී ඇති බවයි.

මෙලෙස නුවරඑළිය මහ රෝහලේ අක්ෂි ශල්‍යකර්මවලින් අනතුරුව පෙනීම අහිමිවී ගිය තවත් රෝගීන් 10 දෙනෙක් පමණ ප්‍රතිකාර ගන්නා බවයි වාර්තා වන්නේ.

පසුගියදා ජාතික අක්ෂි රෝහලේ ඖෂධයක් භාවිත කිරීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් තාවකාලිකව එම රෝහලේ ශල්‍යකර්ම සිදු කිරීම නතර කෙරුණා.

මෙම සංකුලතා මතුව ඇත්තේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද ප්‍රෙඩ්නිසිලෝන් ඖෂධය භාවිත කිරීමෙන් පසුවයි.

මේ වන විට එම ඖෂධ සාම්පල, ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කර ඇති අතර ගැටළු කාරී තත්ත්වයට පත්ව ඇති ඖෂධ කණ්ඩය රෝහල්වලින් ඉවත් කර ඇති බවද වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

වැලිගම සිදුවීම : පාරේ ගිය පස් දෙනෙකුට වෙඩි තැබීමක්

අද (4) අළුයම 1ට පමණ වැලිගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබුණා. වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ...

සිසුන් අතර ශ්වසන රෝග පැතිරීමේ අවධානමක්

නව පාසල් වාරය ආරම්භ  වීමත් සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග...

ශ්‍රී පාද වන්දනාවට පැමිණි රථවාහන හදිසි පරික්ෂාවකට

ශ්‍රී පාද වන්දනාකරුවන් රැගෙන එන වාහන සහ මස්කෙලිය සිට නල්ලතන්නිය දක්වා ධාවනය කරන මගී ප්‍රවාහන බස් රථ සහ වෑන් රථ නල්ලතන්නිය පොලිස් නිලධාරීන් විසින්...

POPULAR ARTICLES

වැලිගම වෙඩි තැබීමක්: පුද්ගලයෙක් මරුට

වැලිගම පොලිස් වසමේ මහානැවියා පාර, වල්ලිවල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට අද (4) අළුයම 1ට පමණ වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීමෙන් එක්...

වැලිගම සිදුවීම : පාරේ ගිය පස් දෙනෙකුට වෙඩි තැබීමක්

අද (4) අළුයම 1ට පමණ වැලිගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබුණා. වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ...

ටෙස්ලා අලෙවියට අභියෝග කළ BYD

ලෝකයේ විද්‍යුත් වාහන අතර ප්‍රමුඛයා වන ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ මෝටර් රථවල ගෝලීය අලෙවිය ගතවූ 2024 වසරේදී ප්‍රථම වරට පහත වැටෙද්දී, චීන වෙළෙඳපොළ තුළ...