25 C
Colombo
Sunday, March 16, 2025

උද්දිකගේ රථයට වෙඩි තියපු පිස්තෝලය හඳුනාගැනීමට පරීක්ෂණ

- Advertisement -

සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ සංජීව මහානාම මහතා භාවිත කළ පිස්තෝලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

එම වෙඩිතැබීමට අදාළ පිස්තෝලය යොදාගත් බවට සැක කෙරෙනවා.

අදාළ නඩුව මෝසමක් මාර්ගයෙන් ඊයේ (15) කැඳවූ අවස්ථාවේදී අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කර ඇත්තේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී සොයා ගැණුනු හිස් පිස්තෝල උණ්ඩ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතා පරිහරණය කළ පිස්තෝලයෙන් නිකුත් වූ උණ්ඩ ද යන්න පිළිබඳ රස පරික්ෂණ විමර්ශනයේදී පුළුල්ව සොයා බලන ලෙසයි.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කඩිනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇති ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

මෙහිදී අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ මෙම වෙඩිතැබීමේ සිද්ධියට යොදා ගෙන ඇත්තේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතාට පොලිස් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබූ රාජකාරි පිස්තෝලයෙන් බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී ඇති බවයි.

එමෙන්ම වෙඩිතැබීම උද්දික ප්‍රේමරත්න සහ සහකාර පොලිස් අධිකාරිවරයා යන දෙදෙනා සැලසුම් සහගතව සංවිධානාත්මකව සිදු කර ගත් එකක් බවට ද කරුණු අනාවරණ වෙමින් පවතින බව ඔවුන් අධිකරණය හමුවේ දැනුම් දී තිබුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇමතූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා ඔවුන්ගෙන් විමසා සිටියේ මෙම වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන්නේ මන් ද යන්නයි.

වෙඩිතැබීම සිදු වන අවස්ථාවේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා පරිහරණය කළ පිස්තෝලය සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තාව ලද විගස සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව ඊට ප‍්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ඉදිරියේදී තවත් රටවලට නොමිලේ වීසා පහසුකම

තවත් රටවල් කිහිපයක විදෙස් පුරවැසියන්ට ඉදිරියේදී මෙරටට ඇතුළුවීම සඳහා නොමිලේ වීසා පහසුකම් ලබාදෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ද (15) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්...

බටලන්ද අපරාධවලට සම්බන්ධ අය කල් නොමරා අත්අඩංගුවට ගන්න – පුබුදු ජයගොඩ

බටලන්ද වධකාගාරයේ තුළ සිදුවූ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගත යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා. අද (15) අනුරාධපුර...

මුදල් වංචාවකට ගොවිජන සංවර්ධන නිලධාරිනියක් අත්අඩංගුවට

පොහොර සහනාධාර මුදල් වංචා කළ බව කියන ගොවිජන සංවර්ධන නිලධාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර...

POPULAR ARTICLES

බටලන්ද අපරාධවලට සම්බන්ධ අය කල් නොමරා අත්අඩංගුවට ගන්න – පුබුදු ජයගොඩ

බටලන්ද වධකාගාරයේ තුළ සිදුවූ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගත යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා. අද (15) අනුරාධපුර...

පළමු අඟහරු මෙහෙයුම ලබන වසරේදී – ඊලෝන් මස්ක්

ලබන වසරේ අවසාන කාලයේදී සිය Starship රොකට්ටුව අඟහරු වෙත ගමන් කිරීම සඳහා සූදානම් වනු ඇති බව SpaceXහි නිර්මාතෘ , ව්‍යවසායක එලොන් මස්ක් පවසා තිබෙනවා. ඒ,...

ඉදිරියේදී තවත් රටවලට නොමිලේ වීසා පහසුකම

තවත් රටවල් කිහිපයක විදෙස් පුරවැසියන්ට ඉදිරියේදී මෙරටට ඇතුළුවීම සඳහා නොමිලේ වීසා පහසුකම් ලබාදෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ද (15) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්...