තවමත් දරුණුත කෝවිඩ් නැගීමකට ගොදුරුවී සිටින තායිලන්තයට පැමිණෙන විදේශිකයන්ට දැන් සති දෙකක කොරෝනා වයිරස් නිරෝධායනයක් යාත්‍රාවක් මත ගත කළ හැකි බව එරට මාධ්‍ය වාර්තා කරයි.
වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ රටේ අරගලකාරී සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම මෙම පියවරේ අරමුණ වන අතර මෙමගින් යාත්‍රා සංචාරක ආදායමට ඩොලර් මිලියන 42 ත් ඩොලර් මිලියන 58 ක ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බව වාර්තාවේ.
සඳුදා (08) තායි රජයේ ඩිජිටල් ආර්ථික ප්‍රවර්ධන ඒජන්සිය (Digital Economy Promotion Agency) නිවේදනය කල පරිදි යාත්‍රා නිරෝධායන වැඩසටහන මඟින් සෘණාත්මක කොරෝනා වයිරස් පරීක්ෂණයක් ඇති අමුත්තන්ට ෆුකෙට්හි (Phuket)යාත්‍රාවක් හෝ කුඩා නෞකාවක නැගීමට කාලය ගත කිරීමට ඉඩ සැලසේ.සංචාරකයින්ට උෂ්ණත්වය සහ රුධිර පීඩනය ඇතුළු වැදගත් දේ අධීක්ෂණය කරන ස්මාර්ට් අත් ඔරලෝසුවක් පැළඳිය යුතු අතර ජීපීඑස් හරහා එය පැළඳ සිටින ස්ථානය නිරීක්ෂණය කිරීමට අපේක්ෂිතය. කිලෝමීටර 10 ක අරයක් තුළ මුහුදේදී පවා මෙම උපකරණයට තොරතුරු සම්ප්‍රේෂණය කළ හැකි බව එරට රජය පවසයි.
ලෝපුරා සංචාරකයින්ගේ ජනප්‍රිය ගමනාන්තයක් වු තායිලන්තයේ කොරෝනා වසංගතයෙන් සංචාරකයින්ගේ සංඛ්‍යාව දිනකට 40,000-50,000 සිට සිය ගණනක් දක්වා පහත වැටී ඇත. පසුගිය වසරේ මාර්තු මාසයේදී විදේශීය සංචාරකයින් තහනම් කර ඇති තායිලන්තය ඔක්තෝම්බර් මාසයේ සිට ක්‍රමයෙන් සිය දේශසීමා නැවත විවෘත කරමින් සිටී. මේ අතර පසුගිය සතියේ තායිලන්තයේ සංචාරක ඇමතිවරයා කියා සිටියේ වෙරළ නිවාඩු නිකේතන ඇතුළු ජනප්‍රිය සංචාරක ප්‍රදේශවල නිරෝධායනය සිදු කිරීම සඳහා විදේශිකයන් සඳහා සැලැස්මක් යෝජනා කරන බවයි. හෝටල්නිරෝධායන සැලැස්ම අප්‍රේල් හෝ මැයි මාසවලදී ෆුකෙට්, ක්‍රාබි සහ චියැං මායි ඇතුළු ජනප්‍රිය පළාත්වල ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.


– තක්ෂි තිරිමාදුර –