29 C
Colombo
Monday, January 20, 2025

ඉස්පිරිතාල ඉස්සරහා මල්ශාලා තියෙන්නේ ඒකට තමයි – සෞඛ්‍ය ඇමති

- Advertisement -

සිදුවූ මරණ සම්බන්ධයෙන් එම පවුලේ සාමාජිකයන් සැක පල කිරීම සාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඒ, අද (18) දින පාර්ලිමේන්තුව අමතමින්.

රෝහල් වලට ඇතුළු වන සියළු දෙනාම ‘යහතින්’ රෝහලින් පිට නොවන බවත් රෝහල් ඉදිරි පිට මල්ශාලා විවෘත කර ඇත්තේ ඒ නිසාවෙන් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,

“පවුලේ අය සැකයි කියන එක සාධාරණයි. මේ අද ඊයේ දෙයක් නෙවෙයි නේ. මම අමාත්‍යවරයාව හිටපු කාලේ හත් අටක් දොස්තරලාට ගැහුවා දොස්තරලා හරියට වැඩ කළේ නෑ කියලා. නර්ස්ලාට ගැහුවා. එතකොට ඒ අය ස්ට්‍රයික් කරපු අවස්ථාවන් මේ රටේ තිබිලා නැද්ද?

ඒ නිසා ඉස්පිරිතාලෙකට ගියාම එවැනි සිදුවීමක් වීම අරුමයක් නෙවෙයි. ඒකට තමයි ඉස්පිරිතාල තියෙන්නේ. ඉස්පිරිතාලෙකට යනවා නම් ලක්ෂයක් ඒ ලක්ෂෙම ආයෙ යහතින් එන්නේ නෑ. ඒ නිසාම තමයි අවාසනාවට මල් ශාලාවක් දාලා තියෙන්නේ ඉස්පිරිතාලෙ ඉස්සරහා. ඒක තමයි යතාර්ථය. ඒ යතාර්ථයට බැහැරව ගිහිල්ලා තමයි මේ කතා කරන්නේ.”

මේ අතර ඊයේ (17) රාත්‍රියේ පැවති රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා දැක්වූ අදහස් පහතින්.

“100ක් 200ක් ඇවිත් කිව්ව පළියට අස්වෙන්න නම් සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ. බොහෝම පැහැදිලිව කියන්නට ඕනේ මේ සම්බන්ධව සුළුවට තකන එක නෙමෙයි මගේ අදහස. ඒ සම්බන්ධයෙන් සංවේදී නොවන එක නෙමෙයි. මේ හැමදේකටම අපි සංවේදි වෙන්නත් ඕනේ. මිලියන 22කගේ නිදහස් සෞඛ්‍යයට මේ ගහන ප්‍රහාරයට මුහුණදෙන්න ඕනේ. ඒකට මම සුදානම්.

මේක විනාශ කරන්න හදන පාපතරයෝ ඉන්නවා. නිදහස් සෞඛ්‍ය සම්බන්ධව සැකයක් ඇති කිරීමේ උවමනාවක් තියෙන කෙනෙකුට නම්, එය නිවැරදි කිරීමේ හැකියාවකුත් අපිට තියෙනවා. රටට නිවැරදි තත්ත්වයන් ඉදිරිපත් කරන්න ඔබටත් මටත් කරන්න බෑ. ඒ සම්බන්ධව ඉන්න අති විශිෂ්ට විශේෂඥයෝ තමා අද ඒ කර්තව්‍ය භාරගෙන ඉන්නේ. මේක මේ රෝසමල් යහනාවක යන ගමනක් නෙමෙයි. ඉතාමත් අභියෝගාත්මක වැඩක්.”

RECENT ARTICLES - SINHALA

ධාවනය වෙමින් තිබූ දුම්රියක එන්ජිම ගිනි අරන්

බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. අද (20) සවස එම සිදුවීම වාර්තා වී තිබුණේ එඬේරමුල්ල දුම්රිය...

පිරමීඩාකාර ආයතන 21ක් ප්‍රසිද්ධ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවට නිර්ණය...

හරිනිගේ චීන අලුත් අවුරුදු සැමරුම

මහජන චීන සමූහාණ්ඩුවේ අලුත් අවුරුද්ද සැමරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය එක්ව චීන අලුත් අවුරුදු උත්සවය සැමරීමේ...

POPULAR ARTICLES