31 C
Colombo
Wednesday, January 15, 2025

ගුවන් හමුදා සෙබළිය පැහැරගත් ගුවන් සෙබළා අත්අඩංගුවට

- Advertisement -

ගුවන් හමුදා සෙබළියකු පැහැර‌ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පිය පුතු දෙපළක් පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් චීන වරාය ගුවන් හමුදා කදවුරේ සෙබලෙකු හා ඔහුගේ පියා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඔවුන් දෙදෙනා වරකාපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

අදාළ සෙබළිය යතුරු පැදියකින් පාලවිය ගුවන් හමුදා කදවුරේ සේවයට පැමිණෙන අවස්ථාවේ මෙම පැහැරගැනීම සිදු කර ඇති බව සඳහන්.

තම බිරිඳ කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ඇති බවට පාලවිය ගුවන් හමුදා කදවුරේම සේවය කරන අයකු කළ පැමිණිල්ලකට අනුව මෙලෙස මෙම පිය පුතු දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැහැරගැනීමට ලක් වූ ගුවන් හමුදා සෙබළිය එයින් මිදී පලා ඇවිත් පුත්තලම පොලීසියට සිදුවීම පැහැදිලි කර තිබුණා.

එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ, තමන් යතුරු පැදියෙන් ගමන් කරමින් සියදී කාර් රථයකින් මාර්ග හරස් කොට මුහුණට ලේන්සුුවක් අල්ලා සිහිසුන් කොට පාළු නිවසට රැගෙන ගිය බවයි.

කෙසේ වෙත් තමන් එයින් තමා මිදී පලා ආ බව ද ඇය වැඩිදුරටත් පවසා තිබූ බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

අද ඩොලරය

පසුගිය සතියට සමගාමීව අද (15) වාණිජ බැංකුවල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඩොලරය ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 290.74ක්...

බාල බෙහෙත් 300 ක් ගැන CIDය පරීක්ෂණයක් ඉල්ලයි

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ...

Breaking: වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අට බැගින්...

POPULAR ARTICLES