28 C
Colombo
Friday, March 7, 2025

ගිනිදන මන්නාරමට සිසිල දෙන ඉපැරණි බයෝබැබ් ගස

- Advertisement -

මන්නාරම කියන්නේ සංචාරයකදී දකින්න දෑ රාශියක් තියෙන ප්‍රදේශයක්. එක්තරා කාලයකදී යුද්ධය නිසාවෙන් තහනම් කලාපයක් වුණාට දැන් මන්නාරම සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක්වෙලා. අතීතයේදී දඬුවමක් ලෙස ප්‍රසිද්ධියේ මිනිසුන් එල්ලා මැරෑ මන්නාරම් කොටුව හැරැනාම මන්නාරමේ බලන්න දේවල් තව බොහෝමයක් තියෙනවා.

මන්නාරම්පිටි වැල්ල සිපගෙන හමා එන මද නලෙහි මුසුව ඇති දාහය රටේ වෙනත් කොතැනකදිවත් නොදැනෙන තරම්. ඒ ලංකාවේ වැඩිම උෂ්ණත්වයක් ඇති නගරය මන්නාරම වන නිසයි.

එමෙන්ම ලංකාවේ අඩුම වර්ෂාපතනය ලැබෙන්නෙත් මන්නාරමටයි. ඒ වාර්ෂිකව මිලි මීටර 975ක්. කොතරම් ශුෂ්ක වූවත් මන්නාරම් ජනතාවට ඒ පරිසරය හුරැ පුරැදුයි. යටත් විජිත සමයේ පාලකයන් ඇති දැඩි කළ අශ්වයන්ට ඖෂධ තනාගැනීම සඳහා මැඩගස්කරයෙන් ගෙන්වා සිටවූ බයෝබැබ් නම් වූ මහා වෘක්ෂ අතරින් ඉතිරිවූ ගස තවමත් මන්නාරම් නගර මධ්‍යයේ දක්නට ලැබෙනවා. ලංකාවේ ඇති බයෝබැබ් ගස්වලින් වට ප්‍රමාණයෙන් වැඩිම ගස තිබෙන්නේ මන්නාරමේ. එහි වට ප්‍රමාණය අඩි 64යි, උස අඩි 24යි. එහෙම කිව්වාම තව බයෝබැබ් ගස් ලංකාවේ තියෙනවාද කියලා ඔබට හිතේවී. දැනට තියෙන තොරතුරැවලට අනුව බයෝබැබ් ගස් 40ක් විතර ලංකාව පුරා තියෙනවා. ඒ අතරින් මන්නාරම දිස්ත්‍රික්කයෙන් විතරක් බයෝබැබ් ගස් 34ක් හඳුනාගෙන ඇති බවයි කියන්නේ. ඒ බොහෝ ගස් අවුරැදු 300ත් 400ත් අතර පැරුණි ඒවා. අපි මේ බලන්න පැමිණි ගස මන්නාරම නගරයෙන් ඇතුළට තියෙන පල්ලිමුනෙයි පාරේ පුංචි දුරක් ගියාම දකින්න පුළුවන්. මේක තමයි ලංකාවේ පැරුණිතම බයෝබැබ් ගස.

ඒ වගේම විශාලම ගස ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව හා මැඩගස්කරයට ආවේණික වූ බයෝබැබ් වනස්පතීන් මෙරටට ගෙන්වා ඇත්තේ ලන්දේසීන් හා පෘතුගීසීන් විසින්. එකල මෙරට අශ්ව වෙළෙඳාම සරැවට සිදුකෙරැණා. ලංකාවේ විශාලතම අශ්ව ගහනය අදත් වෙසෙන්නේ යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ. අශ්වයන්ට බේත් හදන්න ගෙන ආ බයෝබැබ් ගස්වලින් කිහිපයක් අදත් ඩෙල්ෆ්ට් දූපතේ නිරැපද්‍රිතව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇතෙකුට දළය අහිමි කළ ලොරි රථයේ රියදුරු රිමාන්ඩ්

හඹරණ - මරදන්කඩවල මාර්ගයේ ගලපිටගල 09 කණුව ප්‍රදේශයේදී ඇතෙකු ලොරි රථයක ගැටීමේ සිද්ධියට අදාළව එහි රියදුරු ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර...

විදෙස් සංචිත ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2025 පෙබරවාරි මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,095 ක් දක්වා සුළු වශයෙන්...

සත්ත්ව ආහාර තොගයක් විනාශ කිරීමට අධිකරණයෙන් නියෝගයක්

බිංගිරිය ප්‍රදේශයේ පිහිටි සත්ත්ව ආහාර නිෂ්පාදන සමාගම තිබූ සත්ත්ව ආහාර කිලෝ 13,000ක් විනාශ කිරීමට හෙට්ටිපොල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. කුරුණෑගල, බිංගිරිය ප්‍රදේශයේ සත්ත්ව ආහාර...

POPULAR ARTICLES