24 C
Colombo
Monday, January 20, 2025

රජයේ ආයතනවල වාර්ශික පාඩුව රු,බිලියන 811ක්- ශෙහාන් සේමසිංහ

- Advertisement -

පාඩු ලබන හෝ අපේක්ෂිත ඉලක්ක කරා ළගා නොවූ රාජ්‍ය ආයතන තව දුරටත් රැක ගැනීමට භාණ්ඩාගාරයට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් පැවසුවා.

මේ අතර උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්ය ආයතන 52 අතරින් 39ක් ලාභ ලබන අතර 13ක් පාඩු ලබමින් පවතින බවත් එම පාඩු ලබන රාජ්‍ය ආයතන 13හි අලාභය රුපියල් බිලියන 1029ක් වන අතර, ලාභ ලබන ආයතන 39ක ලාභය රුපියල් බිලියන 218ක් බවයි.

සමස්ත වශයෙන් රාජ්‍ය ආයතනවල වාර්ෂික පාඩුව රුපියල් බිලියන 811කට අධික බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු අය බදු වශයෙන් එම ලාභ ලබන ආයතන විසින්, රු.බිලියන 28ක් පමණක් ගෙවා ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

බොහෝ ව්‍යාපාරවල වෙළෙඳපොළ ඒකාධිකාරයේ වාසිය ද රජය සතුව තිබිය දී මෙලෙස එම ආයතන පාඩු ලබන බවත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීම යනු, මෙරට පොදු මහජනතාවගෙන් එක්රැස් කර ගන්නා ලද මුදල් මෙකී ආයතන නඩත්තුවට වෙන් කිරීමක් වන බව සියළුම පාර්ශ්වයන් අවබෝධ කරගත යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව ජනතාව මත බර පටවා තවදුරටත් ආයතන පවත්වාගෙන යාම නොව, නියාමන අධිකාරියක් වශයෙන් රජය කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

දීපු ගුරු පත්වීම් ගැන හොයන්න විශේෂ කමිටුවක්

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පසුගිය කාලයේදී ලබා දුන් උපාධිධාරි ගුරුපත්විම් සම්බන්ධයෙන් නිකුත් කරණු ලැබූ ගැසට් නිවේදන, චක්‍ර ලේඛ, ගුරු පත්විම් අවලංගු කිරීම සහ...

විජිත් විජයමුණි අධිකරණයට

නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළා යැයි අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) පෙරවරුවේ ඉදිරිපත් කෙරුණා....

සති අන්තේ රිවස්ටන් යනවනම් දැනගෙන යන්න

ලෝක උරුම නකල්ස් කලාපයේ රිවෙස්ටන් සහ පිටවල පතන නැරඹීම සදහා දේශිය සහ විදේශීය සංචාරකයින් විශාල පිරිසක් සති අන්ත දිනවල පැමිණීම නිසා ඉතා අධික වාහන...

POPULAR ARTICLES