28 C
Colombo
Wednesday, September 18, 2024

උසාවියට කට්ටි පැන්න යුද හමුදා සෙබළා අත්අඩංගුවට

- Advertisement -

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් මග හරිමින් සිටි යුද හමුදා සෙබළකු ඊයේ (11) අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28 ක් වන බත්තරමුල්ල යුද හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන හපුතලේ, පල්ලේගම ප්‍රදේශයේ පදිංචි සෙබළකු බවයි.

මෙම සෙබළා පවුල් ආරවුලක් මත සහෝදරයකුට කළ පහරදීමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකට සැකකරු පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, සිද්ධිය සමබන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මියගිය ජනාධිපති අපේක්ෂකයා ගැන කොමිසම ගත් තීරණය

අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක ආයිදෘස් ඉල්ලියාස් මහතා වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු පත් කර නොමැති නිසා ඔහු වෙනුවෙන් ප්‍රකාශිත ඡන්ද අවලංගු ඡන්ද සේ සලකන බව මැතිවරණ කොමිසම...

මැතිවරණ ප්‍රචාරක කටයුතු හෙටින් අවසන්

ජනාධිපතිවරණයට අදාළ සියලුම මැතිවරණ ප්‍රචාරණ කටයුතු හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව හෙට (18) මධ්‍යම රාත්‍රියෙන්...

පොලිසියෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්

2024 ජනාධිපතිවරණයේ විශේෂ සිදුවීම් වාර්තා කිරීම වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙන බව පොලිස් මූලස්ථානය...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...