27 C
Colombo
Friday, December 27, 2024

දේශබන්දු වෙනුවෙන් නීතිපති මේ අවස්ථාවේ පෙනී ඉන්නේ නැහැ – රජයේ නීතිඥවරයා

- Advertisement -

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් නීතිපතිවරයා මෙම අවස්ථාවේ පෙනී සිටීමක් නොකරන බව ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අන්තර් විශ්ව භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු දෙදෙනකු විසින් ගොනුකර ඇති පෙත්සම් කැදවූ අවස්ථාවේදීයි.

එම පෙත්සම් බුවනෙක අලුවිහාරේ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබූවා.

මෙම පෙත්සම මුලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරු ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කර තිබෙනවා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා අධිකරණයට දන්වා සිටියේ, මෙම පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් එම අවස්ථාවේදී තමා පෙනී සිටීමක් නොකරන බවයි.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවයට සුනාමියක් එනවා – ලාල්කාන්ත

රට තුළ මින් ඉදිරියට සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. අද (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක...

අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සිහිනය සැබෑ වෙලා

චීන රජයෙන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා ඒ අනුව, මහජන චීන සමූහ ආණ්ඩුවේ ප්‍රදානයක් ලෙස නිවාස ඒකක 1888ක් ඉදිකිරීමට...

කෝටි 160ක් වංචා කළ අඹුසැමියන් රිමාන්ඩ්

මූල්‍ය වංචාවක් සිදුකර රටින් පළාගොස් සිට ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට ඇතුළු වීමේ දී අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ජනවාරි මස 6 වනදා දක්වා රක්ෂිත...

POPULAR ARTICLES

ජර්මානු පාර්ලිමේන්තුව විසුරුවා හරියි

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ ත්‍රි-මාර්ග සන්ධානය බිඳ වැටීමෙන් පසු, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් එරට පාර්ලිමෙන්තුව හෙවත් පහළ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා. ඒ පෙබරවාරි 23...

NASA යානයක් සූර්යයා ළඟටම ගිහින්

නාසා ආයතනය මගින් යවන ලද අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ ආසන්නයට ළඟා වී තිබෙනවා. සූර්යයා ආසන්නයට ම ගොස් නිරුපද්‍රිතව සිටීමට සමත් වූ යානාව ලෙසට එම යානාව ඉතිහාස...

රාජ්‍ය සේවයට සුනාමියක් එනවා – ලාල්කාන්ත

රට තුළ මින් ඉදිරියට සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. අද (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක...