25 C
Colombo
Tuesday, January 7, 2025

පොලීසියේ අඩුපාඩු ගැන නීතිපති දෙපාර්තුමේන්තුවෙන් දැඩි තීරණයක්

- Advertisement -

සම්පූර්ණයෙන් විමර්ශන අවසන් නොකර පොලීසිය විසින් යොමු කරන වාර්තා සම්බන්ධයෙන් අපරාධ නඩු ගොනු විවෘත කිරීම හෝ අධිකරණයේ අධි චෝදනා ගොනු කිරීම නොකර සිටීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවට පුවතක් ‘The Sunday Times’ වාර්තා කරනවා.

ඉහළ පෙළේ පැමිණිලි සම්බන්ධයෙන් නඩු පැවරීම් නොමැතිකම පිළිබඳ චෝදනා එල්ල වන පසුබිමක තමන් මුහුණ දෙන දුෂ්කරතා සලකා බලමින්, නීතිපති දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇති බව එම වාර්තාවේ සඳහන්.

බරපතල අපරාධ නඩු බොහොමයක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව පොලිස් පරීක්ෂණ සම්පූර්ණයෙන් අවසන් නොවීම බව නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් වාර්තා කිරීමත් සමඟ මෙම තීරණය ගෙන තිබෙනවා.

එමෙන්ම, මෙම තීරණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා නීතිපති පාරින්ද රණසිංහ අද (06) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට නියමිත බවද වාර්තා වෙනවා.

එහිදී පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන් නඩුවල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

මෙ අතර අපරාධ නඩු පවත්වාගෙන යෑමේදී සිදුවන අපහසුතා පිළිබඳවද මෙහිදී අවධානයට ලක් වනු ඇති බවද සඳහන්.

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය නිමිත්තෙන් දෙසැම්බර් 9 වැනිදාට යෙදී තිබූ උත්සවය අමතමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු පැවරීමේ ප්‍රමාදය පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රශ්න කර තිබුණා.  

පොලිස් පරීක්ෂණ අවසන් නොවීම හේතුවෙන් නඩු විභාග අවසන් කිරීමට නොහැකි වීම වසර ගණනක් පුරාවට පැවතුණ ගැටලුවක්.

2015 භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සහ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු නඩු හතක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක්ද නිකුත් කළා.

මේ අතර, විමර්ශන අවසන් නොකර නඩු පැවරීමට තම දෙපාර්තමේන්තුවට කරුණ ලබා නොදෙන ලෙසද නීතිපතිවරයා පොලිසියට උපදෙස් දී තිබෙනවා.

මෙම තීරණයට අනුකූලව, විමර්ශනයක් අවසන් කර ඇති බවට සහතික කරන ලියකියවිලි, අදාළ උපුටා ගැනීම් සහ විශේෂඥ වාර්තා සමඟ පොලිසියට ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති අතර අසම්පූර්ණ වාර්තා නැවත පොලිස් මූලස්ථානයට යවනු ඇති.

නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ පොලිස් විමර්ශන මන්දගාමී බවට එල්ල වන විවේචනවලින් ගැලවීම සඳහා පොලීසිය උසාවි නඩු පැවරීම සඳහා අසම්පූර්ණ කරුණු ඔවුන් වෙත ඉදිරිපත් කරන බවයි.

එමෙන්ම, ඇතැම් අවස්ථාවලදී ප්‍රධාන සැකකරුගෙන් ප්‍රකාශයක් පවා ලබා නොගෙන පොලිසිය විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත යවා ඇති බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.මනතුංග මහතා පවසා ඇත්තේ, නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණය පිළිබඳව තමා නොදන්නා අතර  ඒ පිළිබඳව සොයා බලා ප්‍රතිචාරයක් ලබාදෙන බවයි.

RECENT ARTICLES - SINHALA

පොලිසියේ ලොකු පුටු 11කට ස්ථාන මාරු

ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නිලධාරීන් 11 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන්...

මගීන් අතරමග බැස්සූ බස් රියදුරුට සහ කොන්දොස්තරට දඩයක්

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර - පිටකොටුව බස්...

නව නිපැයුම් කොමිසම‍ට පත් වුණ ලොක්කෝ

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් සහ සහකාර කොමසාරිස්වරුන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනතේ...

POPULAR ARTICLES

පොලිසියේ ලොකු පුටු 11කට ස්ථාන මාරු

ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නිලධාරීන් 11 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන්...

මගීන් අතරමග බැස්සූ බස් රියදුරුට සහ කොන්දොස්තරට දඩයක්

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර - පිටකොටුව බස්...

ටිබෙටයේ වු භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට

ටිබෙට් හී ඇතිවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ , තවත් පුද්ගලයින් 60කට වැඩි පිරිසක් තුවාල ලබා...