28 C
Colombo
Monday, December 16, 2024

මෝටර් රථ සිද්ධියට සෙට් එකකගේ බැංකු ගිණුම් තහනම් කරලා

- Advertisement -

අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු සහ ඔහුගේ බිරිඳට අයත් බද්ධ බැංකු ගිණුමක් මාස තුනක කාලයක් සඳහා අත්හිටුවන ලෙස කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කළා.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව එහි කාර්යාල කාර්ය සහායකයෙකු සහ ඔහුගේ බිරිඳට අයත් බැංකු ගිණුමක් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරන බවයි.

ඒ අනුව, අල්ලස් පනතේ විධිවිධාන ප්‍රකාරව අදාල බැංකු ගිණුම මාස තුනක කාලයක් සඳහා එහි ක්‍රියාකාරිත්වය අත්හිටුවීමේ තහනම් නියෝගයක් මාස තුනක කාලයක් සඳහා නිකුත් කරන ලෙසත් එම කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණය අදාල බැංකු ගිණුම මාස තුනක කාලයක් අත්හිටුවමින් නියෝගයක් නිකුත් කලා.

ඊට අමතරව මෙම සිද්ධියට අදාළව තවත් ව්‍යාපාරිකයෙකුගේ බැංකු ගිනුම් දෙකක් ද අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය විසින් තවත් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රත්න ශ්‍රී විජේසිංහට සභාපති තනතුරක්

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා පත් කර තිබෙනවා. ඒ අනුව, ඔහු අද (16) ජාතික පුස්තකාල පරිශ්‍රයේදී...

ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අදියර 1 යටතේ අද (16) පස්වරු 4...

ශිෂ්‍යත්ව විභාගයට අදාළ පෙත්සම් විභාගය හෙටට කල් ගිහින්

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කලින් ප්‍රශ්න තුනක් පිට වූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් පවත්වන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා...

POPULAR ARTICLES

ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අදියර 1 යටතේ අද (16) පස්වරු 4...

රත්න ශ්‍රී විජේසිංහට සභාපති තනතුරක්

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා පත් කර තිබෙනවා. ඒ අනුව, ඔහු අද (16) ජාතික පුස්තකාල පරිශ්‍රයේදී...

ඉහළ ගිය කොටස් වෙළෙඳපොළ

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථමවරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවා ගියා. අද දිනය නිමාවන විට එහි අගය සටහන් වූයේ...