22 C
Colombo
Wednesday, December 25, 2024

ටිරාන්ට එරෙහිව නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලීමක් කරලා

- Advertisement -

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අපරාධකරුවන් මර්දනය සඳහා ගිනිඅවි භාවිත කිරීමට පසුබට නොවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගියදා කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් නීතිඥ සංගමය මෙම ඉල්ලීම සිදුකර තිබුණා.

නිවේදනයක් නිකුත් කරමින් ඊයේ(29) එම සංගමය සඳහන් කළේ ඊට අදාළව සිය සංගමයේ මහ සභාවේදී යෝජනාවක්ද සම්මත කරගත් බවයි.

අපරාධ කල්ලි මර්දනයට ගිනි අවි භාවිත කිරීමට පසුබට නොවන ලෙස පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස් නිලධාරීන් අමතමින් සදහන් කළේ ක්ෂණික විහිදුම් යතුරුපැදි බලකායේ නිලධාරීන් විසිර යාමේ උත්සවයේදී. 

උක්ත ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල පළකරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ ක්‍රියාමාර්ගවලින් තොර අත්තනෝමතික දණ්ඩනය දිරිගන්වන ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා කරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහි යෝජනාවක් එහි මහ සභා රැස්වීමේදී සම්මත කරගෙන තිබෙනවා.

ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ  ටිරාන් අලස් මහතා එම ප්‍රකාශය වහාම ඉල්ලා අස්කරගත යුතු බවයි.

නොසැලකිලිමත් ලෙස පුන පුනා කරන ප්‍රකාශ මගින් තවදුරටත් එම අමාත්‍යධූරය දැරීමට නුසුදුසු බව පෙන්නුම් කරන බැවින් ඔහු වහාම මහජන ආරක්ෂක අමාත්‍යධුරයෙන් ඉවත් කරන ලෙස සිය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එහි සඳහන්. 

.

RECENT ARTICLES - SINHALA

කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

නත්තල් දින කතෝලික දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 45,000ක ප්‍රමාණයක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසා...

අසිරිමත් නත්තල අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහි කෙරෙන නත්තල කිතුණු ජනතාව අද (25) මහත් බැතියෙන් සමරනු ලබනවා. නත්තල , ලොවට ගෙන එන්නේ සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවුඩයයි. ‘සාමයේ...

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම් 101ක් – 60ක් මරුට

2024 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 101ක් වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණ කරනවා. ඒ අතරින් පුද්ගලයන් 60 දෙනෙකු මියගොස්...

POPULAR ARTICLES