29.2 C
Colombo
Monday, April 14, 2025

හන්තානේ නිවාඩු නිකේතනයක් ඉදිකිරීමට නීතිඥ සංගමය සැරසෙයි

- Advertisement -

ශ්‍රී ලංකා නීතිඥ සංගමය උදෙසා නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සදහා මහනුවර දිස්ත්‍රික්කයේ හන්තාන වත්ත ඉඩමෙන් පර්චස් 20 ක බිම් ප්‍රමාණයක් ලබාදීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කටයුතු කරමින් සිටිනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව අදාල ඉඩම ලබාදීම සදහා ඉඩම් පරිහරණ හා ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ නිර්දේශය හා හන්තාන සුරැකීමේ කමිටුවේ නිර්දේශ ලබාගැනීමෙන් පසුව අදාල ඉඩම ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලිපියක් මගින් දැනුම්දී තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී හන්තාන සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් අමිත් සේනානායක පැවසුවේ එවැනි ඉල්ලීමක් මෙතෙක් තම කමිටුවට ලැබී නොමැති බවයි.

“මේ සම්බන්ධයෙන් මෙතෙක් කමිටුවට ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති අතර ඉදිරි කමිටු වාරයක දි අදාළ ඉල්ලීම ඉඩම් ප්‍රතිසන්ස්කරණ කොමිශන් සභාව විසින් කමිටුව වෙත ඉදිරි පත් කරනු ඇත.

කෙසේ වෙතත් 2020. 12. 24 දින හන්තාන පාරිසරික කළමනාකරණ කමිටුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස් වූ අවස්ථාවේදී, හන්තාන පාරිසරික පද්ධතියේ ආරක්ශාව සම්බන්ධයෙන් කමිටු සභාපති මෙන්ම මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා විසින් කමිටුව වෙත යෝජනා කරනු ලැබූයේ හන්තාන පාරිසරික පද්ධතිය තුළ මේ වන විට පවතින රජයේ ඉඩම් වන ඉඩම් ප්‍රතිසන්ස්කරණ කොමිශන් සභාව , ජනතා වතු සංවර්ධන මණ්ඩලය, සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු සියලු ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා පාරිසරික පද්ධතිය ආරක්ෂා කල යුතු බවත්‍ , මේ වන විට හන්තාන පාරිසරික පද්ධතිය ආරක්ෂා කිරිමට වගකිව යුතු ආයතනයන් අපොහොසත්වී ඇති හෙයින් වහා වගකිව හැකි ආයතනයක් වෙත පවරා දිම වඩා සුදුසු බවට තීරණය කරන ලදි.

ඉහත තිරණයන් ගැනීමේදී හන්තාන පාරිසරික කළමනාකරණ කමිටුව නියෝජනය කරනු ලැබූ සියළුම රාජ්‍ය ආයතන ඒකමතිකව තම කැමැත්ත ප්‍රකාශ කරනු ලැබූ අතර මෙම කමිටු වාරය සදහා ඉඩම් ප්‍රතිසන්ස්කරණ කොමිශන් සභාව සහභාගි නොවූ අතර ඔවුන් ද මෙම කමිටුව නියෝජනය කරනු ලබන ආයතනයකි.

කෙසේ වෙතත, මේ වන විට කමිටු තීරණය අතික්‍රමණය කරමින් ඉඩම් ප්‍රතිසන්ස්කරණ කොමිශන් සභාව විසින් 2021. 02. 24 දිනැතිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අංක 152, මිහිදු මාවත , කොළඹ 12, වෙත හන්තාන පාරිසරික ප්‍රදේශය ට අයත් භූමියේ පර්චස් 20 ක භූමී කොටසක් නිදහස් කිරිමට හන්තාන පාරිසරික ආරක්ශක ප්‍රදේශ කළමනාකරණ කමිටුව වෙතින් නිර්දේශ අපේක්ෂා කරමින් ඉඩම් ප්‍රතිසන්ස්කරණ කොමිශන් සභාවේ සභාපති අත්සනින් ලිපියක් නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත යොමු කිරීමම, හන්තාන පාරිසරික කළමනාකරණ කමිටුව විසින් ගනු ලැබූ තීරණය හෑල්ලුවට ලක් කොට ඇත. මේ සම්බන්ධයෙන් අප සංවිධානය විසින් ඉඩම් ප්‍රතිසන්ස්කරණ කොමිශන් සභාවේ සභාපති වරයාගේ මෙම ක්‍රියාකලාපය දැඩිව හෙලා දකින අතර හන්තාන පාරිසරික පද්ධතිය ආරක්ෂා කර ගැනිම සදහා හන්තාන සුරැකීමේ සංවිධානය විසින් දැඩි අරගලයක යෙදෙමින් සිටින අවස්ථාවක, සහ වර්තමාන ජනාධිපතිවරයා ගේ සෞභාග්‍යයේ දැක්ම බලාත්මක කරනු සදහා සභාපතිවරයා විසින් ඉටු කරනු ලබන කාර්ය ගැටලු සහගතය. පාරිසරික පද්ධතියක් වශයෙන් හන්තාන ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක ඉහත ව්‍යාපෘති සදහා ඉඩම් බැහර කිරිම කොතරම් දුරට සදාචාරාත්මක කටයුත්තක් ද යන්න ප්‍රශ්න කල යුතුය .

RECENT ARTICLES - SINHALA

උණුසුම ගැන විමසිල්ලෙන්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (15) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ,...

ප්ලාස්ටික් විරෝධී ව්‍යාපෘතියකට කොකාකෝලා සමාගමෙන් ඩොලර් මිලියනයක්

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා රාමුවක් ස්ථාපිත කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ කොකා-කෝලා පදනම (TCCF) ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර්...

ලංගමෙන් වාර්තාගත ආදායමක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන)...

POPULAR ARTICLES

උණුසුම ගැන විමසිල්ලෙන්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (15) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ,...

ප්ලාස්ටික් විරෝධී ව්‍යාපෘතියකට කොකාකෝලා සමාගමෙන් ඩොලර් මිලියනයක්

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා රාමුවක් ස්ථාපිත කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ කොකා-කෝලා පදනම (TCCF) ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර්...

ලංගමෙන් වාර්තාගත ආදායමක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන)...