24 C
Colombo
Monday, January 27, 2025

මැයි 9 අරගලයේ ලොකු අලාභය ගාමිණී ලොකුගේට

- Advertisement -

අරගලය දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ඇතුළු දේපළවල සිදුවූ අලාභය සම්බන්ධ තක්සේරු වාර්තාව නිකුත්ව තිබෙනවා.

එම වාර්තාවට අනුව දේපළවල අලාභය රුපියල් හැත්තෑ හත් කෝටි හැටපන් ලක්ෂ හැට හත්දහසක් බවයි රජයේ තක්සේරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාසවල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවල අලාභ හානි වාර්තාවයි මෙලෙස නිකුත්ව ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, ජයන්ත කැටගොඩ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, ජගත් කුමාර, සීතා අරඹේපොළ, රෝහිත අබේගුණවර්ධන යන අයගේ නිවාස සහ දේපළවලට මෙලෙස අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ නිවාස 4ක් සහ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ නිවාස 9ක් ඇතුළු දේපළවලට එම අලාභය සිදුව ඇති බව වාර්තා වනවා.

මේ අතුරින් වැඩිම අලාභය පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ දේපළවලට වන අතර එය රුපියල් කෝටි 46ක් බවයි සඳහන් වන්නේ.

දෙවන වැඩිම අලාභය ලෙස ගණන් බලා ඇත්තේ සීතා අරඹේපොළ මහත්මියගේ තලංගම නිවස ඇතුළු දේපළවලට වන අතර එය දාහතර කෝටි හාරලක්ෂ අසු හය දහසකි.

කෙසේ වෙතත් මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාගේ නිවස සහ දේපළවලට සිදුවූ අලාභය මෙතෙක් ගණන් බලා නොමැති බවයි වාර්තා වන්නේ.

එම මන්ත්‍රීවරුන්ගේ ඉදිරිපත් කර තිබූ තක්සේරු වාර්තාවල මෙම මුදලට වඩා දෙතුන් ගුණයක් සඳහන්ව ඇති බව වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

නව පාසල් වාරය අදින් ඇරඹේ

2025 වසරට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි...

ඊ ටිකට් මාෆියාවට ත්‍රීරෝද රථ රියදුරෙක් අත්අඩංගුවට

මහනුවර සිට ඇල්ල දක්වා දිවෙන ඔඩිසි දුම්රියේ රුපියල් 4000ක් වටිනා දුම්රිය ඊ ටිකට්පත් දෙකක් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට රුපියල් 28,000කට අලෙවි කළ බව කියන...

ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්  කර තිබෙනවා. එයින් දැනුම් දී ඇත්තේ, කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම...

POPULAR ARTICLES