28 C
Colombo
Wednesday, October 16, 2024

පුංචිලෝකාන්තයෙන් තල්ලු කළ අයෙකුගේ සිරුර හමුවෙලා

- Advertisement -

පහරදී ඝාතනය කර මඩොල්සිම පුංචි ලෝකාන්තයේ අඩි 1000ක පමණ ප්‍රපාතයකට තල්ලුකර තිබූ ත්‍රිරෝද රථ රියදුරුගේ මළසිරුර සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, දින 16කට පසුව අද (16) පස්වරුවේ පුංචි ලෝකාන්තයේ අඩි 500ක පමණ ප්‍රපාතයට වැටී තිබිය දී මෙම සිරුර සොයාගත් බවයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ හාලි ඇල, රොසවත්තේ විවේකානන්දන් සුජීවන් නැමැති 23 හැවිරිදි අවිවාහක තරුණයක්.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මීට පෙර තවත් අයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ත්‍රීරෝද රථ රියදුරා මඩොල්සිම පුංචි ලෝකාන්තය අසලට රැගෙන ගොස් පහරදීමෙන් පසුව සිරුර පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයට තල්ලු කර තිබෙන බව සඳහන් වනවා.

එම සැකකරු මඩොල්සිම, බටාවත්ත ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රබොස් දයාලන් 34 හැවිරිදි නැමති එක්දරු පියෙකු බව වාර්තා වනවා.

හාලි ඇල රොසට්වත්තේ පදිංචි ඝාතනයට ලක්වූ තරුණයා මඩොල්සිම බටාවත්තේ පදිංචි සැකකරුගේ ත්‍රීරෝද රථය රුපියල් 350,000ක මුදලක් ගෙවා මිලට ගෙන තිබෙනවා.

ඒ රුපියල් 13,000 බැගින් වාරික 36කින් ලිසිං වාරික ගෙවීමේ පදනමට බව පොලිසිය පවසනවා.

මේ අතර සැකකරු හාලි ඇල, ක්වීන්ස්ටවුන් වත්තේ කාන්තාවක සමඟ විවාහ වී ඇති බවත් මොවුන්ට එක් කුඩා දරුවෙකු සිටින බව පැවසෙනවා.

එමෙන්ම සැකකරුගේ බිරිද දරුවෙකු ප්‍රසූත කිරීමට බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිට්න බව පොලිසිය පැවසුවා.

මැණික් ගල් කිහිපයක් සහ රභාණ්ඩ කිහිපයක් විකිණීමට යාමට ඇති බව පවසා ත්‍රීරෝද රථ රියදුරු කැටුව ගොස් තිබෙනවා.

ඒ අනූව, ඉකුත් 30 වන දින රාත්‍රි මඩොල්සිම නගරයට ගෙන්වා ගෙන ඇති බවත්, මඩොල්සිම නගරයේ ඉන්ධන පිරවුම් හල අසල දී සැකකරු සහ ඔහුගේ මිතුරා මෙම ත්‍රීරෝද රථයට ගොඩ වී තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මන්නාරම විනිසුරුට එරෙහි පෝස්ටර් මුද්‍රණය කළ හිමිකරු රිමාන්ඩ්

මන්නාරම මහාධිකරණ විනිසුරුට එරෙහිව කොළඹ ප්‍රදේශයේ අලවා තිබූ මඩ පෝස්ටරය මුද්‍රණය කළේ යැයි කියන යක්කල ප්‍රදේශයේ මුද්‍රණාල හිමිකරුවා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර...

විදෙස් ජාතිකයින් මෙරට සිට මෙහෙයවන ස්කෑමින් කෑම්ප් ගැන අනාවරණයක්

විදෙස් ජාතිකයින් විසින් මෙරට දී සිදුකරනු ලබන අන්තර්ජාල ජාවාරම්වල ඉහළ යෑමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත් ඒවා ශ්‍රී ලාංකිකයින් සිර කර තබාගෙන මියන්මාරයේ ක්‍රියාත්මක සයිබර්...

ගින්නකින් පාසල් ගොඩනැගිල්ලක් විනාශ වෙලා

පාසලක හදිසියේ ඇතිවූ ගින්නකින් එහි දෙමහල් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශවී ගොස් තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ බහුකාර්ය දෙමහල් ගොඩනැගිල්ල මෙලෙස...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

වාහන ආනයනය ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

බලයට පත්වූ පසු නව ආණ්ඩුව විසින් කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආනයනය කිරීමට කටයුතු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...