ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ලබන සඳුදා (19) සිට දින නියමක් නොමැතිව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
එහි මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියෝ කියා සිටියේ නේවාසිකාගාරවල සිටින සිසුන් අද (16) සවස 4න් පසු නේවාසිකාගාරවලින් පිටව යා යුතු බවයි.
ඊට අමතරව නේවාසිකාගාර යතුරු නේවාසිකාගාර උප පාලකවරුන්ට භාර දෙන ලෙස ඔවුන්ට දැනුම් දුන් බව ද උන්වහන්සේ සඳහන් කළා.
කෙසේ වෙතත් අනවසරයෙන් රැඳී සිටියහොත් නීති රීති රෙගුලාසි අනුව කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන අයගෙන් ඉල්ලා සිටින බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.