28 C
Colombo
Wednesday, November 6, 2024

පාසල් ළමුන් මග දමා ගිය රියදුරුට වැඩ වරදී

- Advertisement -

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තරවරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය සදහන් කරනවා.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ, අලුත්ගම කොළඹ ධාවනය වූ අලුත්ගම ඩිපෝවට අයත් බස් රථයේ සේවය කල රියදුරු සහ කොන්දොස්තර වරයාගේ බව වාර්තා වනවා.

අලුත්ගම, මතුගම සහ කළුතර ඩිපෝවට අයත් බස් රථ කළුතර සහ වාද්දුව අතර රැදී සිටින පාසල් ළමුන් කාලයක පටන්ම නංවාගැනීම ප්‍රතික්ෂේප කරන බවට වත්මන් සභාපති රමාල් සිරිවර්ධන මහතාට ලද තොරතුරක් මත එම ඩිපෝවල අධිකාරි වරුන් පාසල් ළමුන් රැදී සිටින බස් නැවතුම්පොළවල් වල රදවා බස් රථ නවත්වන ලෙස සභාපති වරයාගේ උපදෙස් පරිදි ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකරු කටයුතු කර තිබෙනවා.

එහෙත් එදින පමණක් එම බසය නවත්වා පසුව නැවත නොනවත්වා ධාවනය කිරීමට එම රියදුරන් කටයුතු කර ඇති බවටද වාර්තා වනවා.

ඒ අනුව, අද නැවත ඩිපෝ අධිකාරි වරුන් මෙන්ම ජංගම පරීක්ෂකවරුන්ද යොදවා පරීක්ෂා කිරීමේදී රියදුරු සහ කොන්දොස්තරවරයා එම නිළධාරීන් සමගද බහින්බස් වීමක් සිදුකරගෙන තිබූ බවද සදහන් වනවා.

RECENT ARTICLES - SINHALA

ට්‍රම්ප්ට අනුරගෙන් සුබ පැතුම්

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල 'X' ගිණුමේ පණිවුඩයක් නිකුත්...

රනිල්ට එකපිට කරදර

විදේශීය සමාගම් දෙකකින් මෙරටට විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල්...

අග්‍රාමාත්‍ය කාර්යාල⁣යේ තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැරලා (වීඩියෝ)

අග්‍රාමාත්‍ය කාර්යාල⁣යේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැර තිබෙනවා. එහි සේවය කළ වෛද්‍ය නිලධාරීන්, සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ⁣ඖෂධ සහ ගිලන් රථ දෙක සෞඛ්‍ය...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

ඉන්ධන මිල සංශෝධනය ගැන තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්

ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී තිබෙන බව ලංකා ඛණිජ තෙල්...