24.7 C
Colombo
Monday, November 25, 2024

වනජීවි නිලධාරියා යට කර පලාගිය කැබ් රියදුරු මාට්ටු

- Advertisement -

රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිලධාරියෙක් අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය පවසනවා.

පොලිසිය සදහන් කරන්නේ, අනතුරින් බරපතල අස්ථි බිදිමකට ලක්වු වනජීවි නියාමක කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාලයෙ සේවය කරනු ලබන අනුරාධ දිසානයක නැමති අයක් බවයි.

වනජීවි නිලධාරියා නොච්චියාගම – විල්පත්තුව ජාතික වන උද්‍යානය ආසන්නයෙ පිහිටි තම නිවසේ සිට යතුරු පැදියෙන් රැකියාව සදහා පැමිණ කරුවගස්වැව – අඩවි වනජීවි කාර්යාලය දෙසට හැරවිමට යාමේදි අධික වේගයෙන් පැමිණ ඇති බෝලරෝ වර්ගයෙ කැබ් රථය වනජීවි නිළධාරීයාව අනතුරට ලක්කර පලා ගොස් තිබෙනවා.

අනතුරට ලක්වු වනජීවි නියාමකවරයා කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමට අඩවි වනජීවි කාර්යාල නිළධාරීන් කටයුතු කර තිබුණා.

රෝහල් ගත කල වනජීවි නිළධාරීයාගේ වම් පාදය දරුණු බිදිමකට ලක්ව ඇති බවත් රෝහලේදි සැත්කමකට ලක් කිරීමටත් කටයුතු කර තිබු බව වාර්තා වනවා.

අනතුර සිදුකර පලා ගිය සැකකාර කැබ් රථ රියදුරා ඊයේ (24) දින කැබ් රථය සමග කරුවලගස්වැව පොලිසිය පැමිණ භාර විමේන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

RECENT ARTICLES - SINHALA

ගිනි අවි ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සිවිල් වැසියන්ට නිකුත් කර ඇති ගිනි අවි සම්බන්ධයෙන් විගණන කටයුතු ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් විශේෂ කණ්ඩායමක්...

මහ විරු සැමරුම් ගැන පොලිස් ඇමතිගෙන් ප්‍රකාශයක්

එල්.ටී.ටී.ඊ. ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ පින්තූර භාවිතා කරමින් සැමරුම් පැවැත්වීමට ඉඩක් නොමැති නමුත් උතුරේ ජනතාවට යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිපත් කිරීමට කිසිදු බාධාවක් නොකරන...

රාජාංගනය ජලාශයේ දොරටු 6ක් විවෘත කෙරේ

මේ දිනවල පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් රාංජාගනය ජලාශයේ ජල ධාරිතාව ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, රාජාංගනය ජලාශයේ දොරටු දෙකක් අඩි 5 බැගින් ද දොරටු දෙකක්...

POPULAR ARTICLES