ඓතිහාසික ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මහනුවර රජ වීදියේ පිහිටි ඇහැළේපොළ වලව්ව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේ දී ඇහැලේපොල මහ අධිකාරම් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජීවත්වූ නිවස ලෙසයි මෙය සැලකෙන්නේ.
කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ මෙම ඓතිහාසික ඇහැලේපොළ වලව්ව තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙසින් පවත්වාගෙන යෑම අපරාධයක් බවයි.
ක්‍රි.ව. 1844 බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී මෙය හමුදා බැරැක්කයක් ලෙස භාවිතයට යොදාගෙන තිබුණා.
පසුව කාලීනව සිර මැදිරියක් හෝ බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙසද මෙම වලව්ව පවත්වාගෙන ද ගොස් තිබෙනවා.
මහනුවර ශ්‍රී දළදා මාළිගාව ආශ්‍රීත පූජාභූමි ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික ඇහැලේපොල වලව්ව 2005 වසරේදී පුරා විද්‍යා ගොඩනැඟිල්ලක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.