මැතිවරණ නීති උල්ලංඝණය කරමින් අද (14) අලුයම එකට පමණ එක්සත් ජාතික සන්ධනයේ මැතිවරණ අපේක්ෂකයකු, ඡන්ද දායකයින්ට මුදල් බෙදමින් සිටිය දී කල්පිටිය – අල් මනාර් කදවුර අසළදී කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අපේක්ෂකයා සතුව ඒ වනවිටත් රුපියල් 97,200 ක මුදලක් තිබී ඇති අතර, පොලිසිය විසින් එම මුදල් ද භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.