31 C
Colombo
Friday, October 25, 2024

විමල්ගේ වත්කම් සම්බන්ධ නඩුව කල් තැබේ

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුව ලබන මස 09වනදා දක්වා කල් තබා තිබෙනවා.

ඒ කොළඹ මහාධිකරණය හමුවේ එම නඩුව අද(17) කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් එම නියෝගය ලබා දී තිබෙනවා.

විත්තිකාර විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ වසර 05ක කාල සීමාවේ ඔහුගේ වත්කම් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීම ඔහුට එල්ලවන චෝදනාවයි.

RECENT ARTICLES - SINHALA

රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහිව නඩුදාලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. රන්ජන් රාමනායක මහතා ඉදිරි මහ මැතිවරණයට ගම්පහ...

පමුණුගම පොලීසියට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධයක්

පොලිස් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින් ප්‍රදේශවාසින් පිරිසක් ඊයේ (24) පස්වරුවේ පමුණුගම පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත ව...

රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...