26.2 C
Colombo
Saturday, December 21, 2024

කැමති කට්ටිය ඉන්නවා නම් මාව වඩාගෙන යන්න – නාමල්

- Advertisement -

මැතිවරණ කල් දැමීමට තමන් විරුද්ධ බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එසේ උත්සහ නොකරනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (23) පොදු ජන පෙරමුණේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්.

එමෙන්ම, රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂකත්වය තවමත් තීන්දු වී නොමැති බවත්, සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය හිමිවනු ඇත්තේ පක්ෂයේ ප්‍රතිපත්ති සුරකින අයෙකුට බවත් ඔහු පෙන්වා දෙනවා.

” ඔය මතේ ඉන්නවා නම් මම එපැයි ඉස්සල්ලම ඉන්න. මොකද මාවනේ වඩාගෙන පාලමෙන් එහා පැත්තට යන්න හදන්නේ. එහෙනම් මම එපැයි වඩා ගත්තු මනුස්සයට මාව තවදුරටත් වඩාගෙන යන්නෙයි කියලා කියන්න නේ ද?. මට පීනන්නත් පුළුවන්, දුවන්නත් පුළුවන්, කැමති කට්ටිය ඉන්නවා නම් මාව වඩාගෙන යන්න, වඩාගෙන යන්නත් පුලුවන්. අපි පුද්ගලයෝ පදනම් කරගෙන දේශපාලන තීන්දු ගන්නේ නෑ. අපි ප්‍රතිපත්ති පදනම් කරගෙනයි තීන්දු ගන්නේ. මම පක්ෂෙ ජාතික සංවිධායකනේ. මගේ ඩියුටි එක සූට් එක මහන එක. ඊටපස්සෙ ඕන කෙනෙක්ට ඒක ඇඳගන්න පුළුවන්. ගොඩක් පක්ෂ විනාශ උනේ සූට් එක මහන්න දුන්න අය ඒක ඇඳගන්න ගිහිල්ලා.”

සිය පක්ෂය තුල මත කිහිපයක් තිබුනත් පාක්ෂිකයා සහ රටේ අනාගතය වෙනුවෙන් සුදුසු තීරණයක් ගනු ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.

මේ අතරතුර, මාධ්‍යය සමඟ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි මේ වන තෙක් තීරණය කර නොමැති බවයි.

සිය පක්ෂය විසින් ඉදිරිපත් කරන්නේ ජයගත හැකි අපේක්ෂකයෙකු බවත් පොහොට්ටුවේ ජයග්‍රහණය ඉහළම මට්ටමක ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

ධම්මික පෙරේරාගේ සහ රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂකත්වය පිළිබඳව මාධ්‍යවේදීන් විසින් විමසූ විට “එක එක්කෙනාගෙ නම් තියෙනවා. ධම්මික පෙරේරා, අර පෙරේරා, මේ පෙරේරා, ඔක්කොම ඉන්නවා.” යැයි පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමන්ගේ සිතේ සිටින අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ අවස්ථාවේ හෙළි කළ නොහැකි බව ද පැවසීය.

එමෙන්ම, සිය පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් විමසූ විට ඔහු පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් විමසිය යුත්තේ නාමල් රාජපක්ෂගෙන්ම වන බවයි. එමෙන්ම නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට තවත් කල් ඇති බවත් ඔහු පවසා සිටියා.


RECENT ARTICLES - SINHALA

ජනපතිගේ නව බදු ප්‍රතිපත්තියට වෘත්තියවේදීන් ගත් තීරණය

ආදයම් බදු සම්බන්ධව ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධව සිය සංගමය සතුටු වන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා. එම එකමුතුව වෙනුවෙන් අද (20) පැවැති මාධ්‍ය...

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක්

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. කළුතර දකුණ පොලීසිය පැවසුවේ එම හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇති වීමට...

වැටුප අනුව ගෙවිය යුතු PAYE tax මෙන්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ මෙරටට හිමිවූ තුන්වැනි වාරිකය පිළිබඳ සමාලෝචනයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවට...

POPULAR ARTICLES

ජනපතිගේ නව බදු ප්‍රතිපත්තියට වෘත්තියවේදීන් ගත් තීරණය

ආදයම් බදු සම්බන්ධව ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධව සිය සංගමය සතුටු වන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා. එම එකමුතුව වෙනුවෙන් අද (20) පැවැති මාධ්‍ය...

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක්

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. කළුතර දකුණ පොලීසිය පැවසුවේ එම හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇති වීමට...

ගාල්ලේ වෙඩි තැබිමක්

UPDATE ගාල්ල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ------------------------------------- ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා...