ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිනි කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය මුල්‍ය මණ්ඩල ලේකම් ධුරයෙන් ඉවත් කළ අකාරයටම, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති මහින්ද සිරිවර්ධන මහතාව විදේශ විනිමය විෂයයට අදාල වගකීම්වලින් ඉවත් කිරීමට සුදානම් වන බව දකුණ හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා.
මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්‍රධානියා ද වූ මහින්ද සිරිවර්ධන මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ද සේවය කළ කීර්තිමත් නිලධාරියෙක් වනවා.
කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ මේ වන විට එළිදක්වා ඇති මහ බැංකු මගඩි පිළිබඳ වෝහාරික විගණන වාර්තා 5 ක් ඇතුළු ETI ජනාධිපති කොමිෂන් වාර්තාව, හෙජින් පාඩුව පිළිබඳ වාර්තාව ඇතුළු මහ බැංකුවේ මුල්‍ය අපරාධ විමර්ශනයන්ට අදාල මහ බැංකුවේ නිලධාරීන් එකිනෙකා මාරු කරමින් මුල්‍ය අපරාධ සැගවීමට අදාල චෝදනා එල්ලවූ පුද්ගලයින් කටයුතු කරමින් සිටින බවයි.
මීට පෙර බැදුම්කර වංචා සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණනය සම්බන්ධයෙන් මහ බැංකුවේ ප්‍රධාන නිලධාරිනිය වූ කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට නව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කටයුතු කර තිබුණා.