පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පත් කර තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පළමු වරට ඊයේ (03) රැස්වු අවස්ථාවේදීයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණා.
ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි බණ්ඩාර කිරිඇල්ල සහ සමන්මලී ගුණසිංහ මහත්මිය කාන්තා සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරියන් දෙදෙනෙක් ලෙස තේරී පත්ව තිබෙනවා.
පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර යන මහත්මීන්ද එක්ව සිටියා.