28.5 C
Colombo
Friday, March 28, 2025

මිහින්තලා විහාරාධිපති හිමි කනස්සල්ලෙන්

- Advertisement -

පසුගිය රජයන්වල කටයුතු කළ දේශපාලන පිල්ලි තවදුරටත් රාජ්‍ය ආයතනවල හොල්මන් කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා ලබා දෙන උපදෙස් හා නියෝග ක්‍රියාත්මක නොවීමේ තත්ත්වයක් රට තුළ පවතින බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් ලබාදෙන උපදෙස් ක්‍රියාත්මක නොකර ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට එම ඇතැම් නිලධාරීන් ක්‍රියා කරන බව ධම්මරතන හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

උන් වහන්සේ මේ බව කියා සිටියේ, අද (25) පෙරවරුවේදී මිහින්තලා පුදබිමේදී පැවති මාධ්‍ය හමුවකදීයි.

ධම්මරතන හිමියන් මෙම මාධ්‍ය හමුව සිදුකරමින් තවදුරටත් කියා සිටියේ, ඊයේ (24) රාත්‍රියේදී බීමත්ව ඓතිහාසික මිහින්තලා රජමහා විහාර භූමියට පැමිණි පිරිසක් විසින් එහි වැඩසිටි ස්වාමීන් වහන්සේලාට පරුෂ වචනයෙන් බැන වැදී පහරදීමට හා එම පිරිස ගමන් ගත් වෑන් රථයකට ස්වාමීන් වහන්සේ නමක් යට කිරීමට උත්සාහ දරා ඇති බවයි.

මිහින්තලා පුදබිමේ පුරාවිද්‍යාව සහ බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇත්තේ හය දෙනෙකුගෙන් යුතු පොලිස් නිලධාරීන් පිරිසක් පමණක් බවත් එම නිලධාරින්ද මිහින්තලා පුදබිම තුළ ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු පිරිස ගමන් ගත් එම වෑන් රථයේ අංකය හෝ තොරතුරු අනාවරණය කර ගැනීමට අපොහොසත් වී ඇති බවද ධම්මරතන හිමියන් පවසා සිටියා.

ඓතිහාසික මිහින්තලා පුදබිම විශාල භූමි භාගයක පිහිටා තිබෙන බැවින් එම පුදබිමේ පවතින පුරාවස්තුවලට අනාරක්ෂිත භාවයක් පවතින බව පවසන නායකහිමියන් තවදුරටත් කියා සිටියේ, ඓතිහාසික මිහින්තලා පුදබිමේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ යොදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය වෙනුවෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පළකරන බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුරාධපුර රෝහලේ සිදුවීම: සැකකරුව වෛද්‍යවරිය හඳුනා ගනී

අනුරාධපුර රෝහලේදී වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද (28) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබෙනවා. අද දිනයේදී සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර කර ඇති සැකකරු හඳුනාගැනීමේ...

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බදු අයකිරීම ගැන ධර්මසේනගේ මතය

ක්‍රිකට් ක්‍රීඩකයන් රටේ නීතියට හිස නැමිය යුතු බවත්, ඔවුන්ටද බදු ගෙවීමට තිබෙනවා නම් ඒ නීතියට එකඟව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට්...

දියේ ගිලී හමුදා භටයෙක් මරුට

පහළ දිවුල්වැව වැවේ දිය නෑමට ගිය හමුදා භටයෙකු දියේ ගිලී මියගිය බව කපුගොල්ලෑව පොලිසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ කෑගල්ලේ පදිංචිව සිටි වවුනියාව, පංපේමඩුව යුද...

POPULAR ARTICLES

මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක්: බැංකොක් ගොඩනැගිලිවලටත් හානි

මියන්මාරයේ රික්ටර් මාපකයේ ඒකක 7.7ක් ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මධ්‍යම මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මෙම  භූ කම්පනය හටගෙන...

Breaking: අනුරාධපුර රෝහලේ සිදුවීම: සැකකරුව වෛද්‍යවරිය හඳුනා ගනී

අනුරාධපුර රෝහලේදී වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද (28) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබෙනවා. අද දිනයේදී සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර කර ඇති සැකකරු හඳුනාගැනීමේ...

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බදු අයකිරීම ගැන ධර්මසේනගේ මතය

ක්‍රිකට් ක්‍රීඩකයන් රටේ නීතියට හිස නැමිය යුතු බවත්, ඔවුන්ටද බදු ගෙවීමට තිබෙනවා නම් ඒ නීතියට එකඟව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට්...