30 C
Colombo
Tuesday, September 24, 2024

පොහොට්ටුවෝ මට ඡන්දෙ දීලා නැහැ

- Advertisement -

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණේ පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී.

පොදු ජන පෙරමුණේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් තමාට සහාය දීම සඳහා පැමිණියද ඔවුන් සමග ජනතාව පැමිණ නැති බවත් පොහොට්ටුවේ බහුතර පිරිස අනුර දිසානායක වෙනුවෙන් ඡන්දය පාවිච්චි කර තිබෙන බවත් පවසා තිබෙනවා.

ඒ අනුව ඊළඟට කළ යුතුව ඇත්තේ මහ මැතිවරණයට සූදානම් වීම බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

එහිදී එක්සත් ජාතික පක්ෂ නිලධාරීන් මෙන්ම පාක්ෂිකයන් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් ඉදිරිපත් වීම සුදුසු බවයි.

ජනාධිපතිවරයාද එම අදහස අනුමත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මහ මැතිවරණය සඳහා සෑම දිස්ත්‍රික්කයකින්ම අලුත් මුහුණු හතරක්වත් ඉදිරිපත් කළ යුතුව බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසු බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

අපි එක දවසකට ණයකාරයෝ වෙන හැටි

පසුගිය මාස 26ක කාලයේ දී පාලකයින් දේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණය සැලකිමේ දී මෙරට ජනතාව සෑම දිනකම රුපියල් බිලියන 6.5ක පමණ මුදලකින් ණයකරුවන් කර...

විජිත හේරත්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

පසුගිය යහපාලන රජය සමයේ ගොනුකෙරුණු අල්ලස් නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට නොවැම්බර් මස 29 වනදා අධිකරණය...

මහ මැතිවරණයට අපි සූදානම් – මැතිවරණ කොමිසම

මහ මැතිවරණය පැවැත්වීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මහ මැතිවරණයක් සඳහා ඇස්තමේන්තු ගත මුදල...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව විසුරුවනවා – ටිල්වින්

නව ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් අනතුරුව හැකි පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා...

අගමැතිනිය වීම ගැන හරිනිගෙන් උත්තරයක් (වීඩියෝ)

අගමැති ධූරයට පත් විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධව සිය පක්ෂය තවමත් තීරණය කර නොමැති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. ජාතික ජන...

58%ක් ඡන්දෙ දුන්නෙ අනුරට එරෙහිව – චම්පික

ජනාධිපතිවරණය,  42% ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට හැකි වීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානයක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට සුබ පතන අතරම ඡන්දදායකයින්ගෙන් 58%ක් ඔවුන්ට...