24 C
Colombo
Friday, November 8, 2024

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

- Advertisement -

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා.

අකුරණ නගරය හරහා ගලා යන පිඟා ඔය සහ වහගල ඔය පිටාර ගැලීම නිසා අකුරණ නගරයේ ප්‍රධාන මාර්ග ජලයෙන් යටව තිබූ අතර හතේ කණුව, කුඩුගල ඇතුළු ප්‍රදේශද ජලයෙන් යටව තිබෙන බව වාර්තා වනවා.

අකුරණ නගරය ජලයෙන් යට වීම හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනය පැය තුනකට වැඩි කාලයක සිට ඇණහිට තිබෙන බවද සඳහන්.

RECENT ARTICLES - SINHALA

දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවට ගත්...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පූර්ව නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. එම සංවිධානය නිකුත් කල නිවේදනයේ...

POPULAR ARTICLES