31 C
Colombo
Thursday, February 20, 2025

විචිත්‍රවත්ව අවසන්වූ ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවය

- Advertisement -

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවය ඉතා විචිත්‍රවත්ව ⁣ටෝකියෝ ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

නවීන තාක්ෂණික ප්‍රයෝග සහ සාම්ප්‍රදායික ජපන් සංස්කෘතිකාංගයන්ගෙන් එම විචිත්‍රත්වය ගොඩනංවනු ලැබුවා.

සාම්ප්‍රදායිකව ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවයේදී මැරතන් පිරිමි තරගයේ ජයග්‍රාහකයන්ගේ පදක්කම් ප්‍රදානය සිදුවන නමුත් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී කාන්තා ඉසව්වේ ජයග්‍රාහිකාවන්ට ද එම ගෞරවය හිමි වුණා.

කොවිඩ්19 තත්ත්වය හේතුවෙන් මෙවර ඔලිම්පික් උළෙලට එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්⁣ට ඔලිම්පික් ගම්මානයෙන් පිටතට යෑමට අවසර හිමි.වූයේ නැහැ.

ඒ අනුව සති අන්තයේ ටෝකියෝ නගරයේ විචිත්‍රත්වය විදහා දැක්වෙන විශේෂාංගයක් සමාප්ති උත්සවයට එක්කර තිබුණේ එම අත්දැකීම ක්‍රීඩා උළෙලට එක්වූ සියලු දෙනාට විඳ ගැනීම සඳහායි.

මෙහිදී ටෝකියෝ නගරාධිපතිවරයා විසින් ඔලිම්පික් කමිටු සභාපතිවරයාට භාර දෙනු ලැබූ ඔලිම්පික් ධජය මීළඟ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය දරන ප්‍රංශයේ පැරිස් නුවර නගරාධිපතිවරයා වෙත භාර කෙරුණා.

ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් පැරිස් නුවර පැවැත්වුණේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්ක්‍රෝන්ගේ ප්‍රධානත්වයෙන්.

එම උත්සවයේ සජීව දර්ශනද ටෝකියෝ සමාප්ති උත්සවයේ දී විකාශය කෙරුණා.

ඔලිම්පික් කමිටු සභාපතිවරයා විසින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාප්තිය නිල වශයෙන් නිවේදනය කිරීමත් සමග දින 16ක් පුරා ටෝකියෝ ජාතික ක්‍රීඩාංගණයේ දැල්වුණු ඔලිම්පික් පහන ක්‍රමයෙන් නිවා දැමුණා.

ඒත් සමගින් දර්ශනීය මල්වෙඩි සංදර්ශනයකින් ටෝකියෝ අහස ඒකාලෝක වුණා.

RECENT ARTICLES - SINHALA

සංජීව ඝාතන සැකකරුගේ නම වැරැද්දුවාට අධිකරණයට මෝසමක් 

පාතාල කල්ලි නායකයෙකු බව කියන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (19) අත්අඩංගුවට ගත් සැකකරුගේ නම  මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් ලෙස ප්‍රකාශ කිරීම තුළින් එම...

ගණේමුල්ල සංජීවගේ දේහය භාරගන්න කිසිවෙක් නැහැ

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගනේමුල්ල සංජීව නමැත්තාගේ දේහය භාර ගැනීමට ඔහුගේ කිසිදු ඥාතියෙකු පැමිණ නොමැති බව වාර්තා වෙනවා. මේ වන විට ඔහුගේ දේහය කොළඹ පොලිස් මෘත...

අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කෙරේ

අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එම සංකීරණයට පිවිසෙන සියලු පුද්ගලයන් සහ නීතිඥවරුන් පරීක්ෂා කිරීමට තීරණය කර ඇති බව සඳහන්...

POPULAR ARTICLES