28.3 C
Colombo
Friday, March 28, 2025

ඡන්ද වැඩ ගැන කොමිසමෙන් රජයට දැනුම්දීමක්

- Advertisement -

මැතිවරණ සමයේදී රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිසමට දැනුම් දෙන ලෙස එම කොමිසම රජයට දන්වා තිබෙනවා.

ඒ අනුව අමාත්‍යංශ සහ රජයේ දෙපාර්තමේන්තු අදාළ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ තොරතුරු මැතිවරණ කොමිසම වෙත දැනුම් දිය යුතුයි. 

මැතිවරණ කොමිසම පැවසුවේ දැනුම්දෙනු ලබන එම සංවර්ධන ව්‍යාපෘති කොමිසම විසින් සමාලෝචනය කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

එමෙන්ම එම ව්‍යාපෘති අතුරින් මැතිවරණයට බලපෑමක් එල්ල කරනු ලබන යම් ව්‍යාපෘති වේ නම් එම ව්‍යාපෘති මැතිවරණයෙන් පසු සිදු කිරීමට රජයට උපදෙස් ලබා දෙන බවත් මැතිවරණ කොමිසම පවසනවා.

සාම්ප්‍රදායිකව මැතිවරණ සමයේදී කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන තීරණ මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන අතර එම කොමිසම විසින් අදාළ තීරණ සමාලෝචනය කර ඒ සම්බන්ධව රජයට දැනුම් දීම සිදුකරනු ඇති.
 

RECENT ARTICLES - SINHALA

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා යොමු කර ඇති බව වාර්තා වෙනවා. දිලීප...

මෝදිගේ ලංකා සංචාරය ගැන ඉන්දීය රජයෙන් නිල නිවේදනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දියාව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍ය...

අවුරුද්දට කලින් පුද්ගලයින් 50,000කට ‘ටයිපොයිඩ්’ එන්නත

වසංගත රෝග විද්‍යා අංශය මඟින් සිංහල හින්දු අලුත් අවුරුදු සමයට පෙර ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආහාර පිසින, නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්‍රිත රැකියාවන්...

POPULAR ARTICLES

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා යොමු කර ඇති බව වාර්තා වෙනවා. දිලීප...

මෝදිගේ ලංකා සංචාරය ගැන ඉන්දීය රජයෙන් නිල නිවේදනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දියාව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍ය...

සමාජ මාධ්‍යවල ගිය පොලිස් වීඩියෝව ගැන පොලිසියෙන් නිවේදනයක්

පොලිස් නිලධාරියෙක් නිවසක ඇතුළුවී එහි කාමරයක දොරකට පයින් පහරදී එය විවෘත කරගැනීමට අදාළ වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍යජාලා ඔස්සේ සංසරණය විය. මෙම සිදුවීම නෙල්ලිඅඩි...