31 C
Colombo
Friday, October 18, 2024

වාහනයට ගංජා දාපු කේස් එකට කොස්තාපල්ගේ වැඩතහනම්

- Advertisement -

පොලිස් රථවාහන පරීක්ෂාවක් අතරතුර මෝටර් රථයක් තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවේ සිටින පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ති‌බෙනවා.

කොළඹ දකුණ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝගයකට අනුව අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කර ඇති බව සඳහන්.

මෙම පොලිස් කොස්තාපල්වරයා කොල්ලුපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අතර මොහු ඇතුළු තවත් නිලධාරීන් කණ්ඩායමක් ආනන්ද කුමාර ස්වාමී සහ කර්නල් ටී ජයා මාවත අතර ප්‍රදේශයේ රාජකාරී කටයුතුවල නිරතවී සිටියදී මෙම සිදුවිම සිදුවි තිබුණා.

අදාළ පොලිස් කොස්තාපල්වරයා පරීක්ෂා කරනු ලබන මෝටර් රථය තුළ ගංජා මත්ද්‍රව්‍ය තබා එම මෝටර් රථයේ පැමිණි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරා ඇති බව සඳහන්.

එම සිද්ධිය මෝටර් රථයේ පැමිණි පිරිස් වීඩියෝ කර සමාජ මාධ්‍යට මුදාහැර ඇති අතර ඒ පිළිබඳව පොලිස් කොස්තාපල්වරයාට බරපතළ සමාජ චෝදනාවක් එල්ල වී තිබුණා.

ඒ අනුව රාජකාරී වේලාව තුළ නිල ඇදුමින් බුලත් විටක් සපමින් සිටීම, රියදුරු හෝ රථයේ ගමන් ගත් වෙනත් පුද්ගලයෙක් සහ සහායක නිලධාරියෙකුවත් නොමැතිවර රථය පරීක්ෂා කිරීම යන චෝදනා කිහිපයක් යටතේ එම පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇති බවට වාර්තා වනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.


RECENT ARTICLES - SINHALA

කායික දුබලතා සහිත අය වෙනුවෙන් මැතිවරණ කොමිසමෙන් තීරණයක්

මහමැතිවරණයේදී කායික දුබලතාවයෙන් යුතු තැනැත්තන්ට ඡන්ද මධ්‍යස්ථාන කරා යාම සහ ඊම සඳහා වාහනයක් මඟින් ප්‍රවාහන පහසුකම් සලසා ගත හැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ...

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව තවත් පෙත්සමක්

ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ වන්නි දිස්ත්‍රික්කයේ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින්...

අලුත් ආණ්ඩුවක් ආපු ගමන් හොඳ රටක් බිහි වෙන්නේ නැහැ – ලාල් කාන්ත

මේ රට විනාශ වීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවයද වගකිව යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ‘දිනමිණ’ වෙත...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...