බීමත්ව රිය පදවා අනතුරක් සිදුකළ පොලිස් නිලධාරියෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ වයස අවුරුදු 28 ක් වන හික්කඩුව ප්‍රදේශයේ පදිංචි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට අනුයුක්ත කොස්තාපල් නිලධාරියෙක්.
පසුගියදා (28) අලුයම් කාලයේදදී ගල්කිස්ස, රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේදී රත්මලාන මැලිබන් හන්දිය දෙස සිට මොරටුව දෙසට ධාවනය වූ පොලිස් ජීප් රථයක් රත්මලාන දුම්රියපොල පාර දෙස සිට බෙලෙක්කඩේ හන්දිය හරහා ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක ගැටී මෙම අනතුර සිදුව තිබුණා .
පොලිස් ජීප් රථය පැදවූ පොලිස් කොස්තාපල් රියදුරුවරයා එම අවස්ථාවේ මත්පැන් පානය කර රිය ධාවනය කර ඇති බව අනාවරණය වී තිබෙනවා.
පොලීසිය සඳහන් කාලේ ඒ අනුව මත්පැන් පානයකර රිය ධාවනය කිරීම හා අනතුරක් සිදුකර තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවයි
සැකකාර නිලධාරියා ඊයේ (28) දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර තිබෙනවා .
ඔහු විසින් සිදුකරන ලද විනය කඩකිරීම සම්බන්ධයෙන් නිලධාරියාට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට නියමිත බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.