25 C
Colombo
Wednesday, January 1, 2025

හොරට පාස්පෝට් ගන්න ගිය කොස්තාපල්ගේ වැඩ තහනම්

- Advertisement -

ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට පැමිණි පුද්ගලයකු තමාගේ හිතවතෙකු බවට සාවද්‍ය ලෙස පවසා ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට උත්සාහ දැරූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනමට ලක් කිරීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය පවසනවා.

එලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ, නාරහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්ත සුහුරුපාය පොලිස් මුරපොලේ රාජකාරී යොදවා සිටි කොස්තාපල්වරයෙක්.

කොස්තාපල්වරයා සුහුරුපාය පොලිස් මුරපොලේ රාජකාරිය යොඳවා සිටියදී ඉකුත් 19 වැනිදා එම ස්ථානයෙන් බැහැරව විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට පැමිණි බලංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමඟ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හදිසි අවස්ථාව විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ නිර්දේශ මණ්ඩලය වෙත එම පුද්ගලයා ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට උත්සාහ කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් එම කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

බස් ගාස්තු ගැන අනතුරු ඇඟවීමක්

බස් ගාස්තු ලබන ජූලි මාසය වන විට අනිවාර්යෙන්ම අසීමිත ලෙස වැඩි වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඉන්ධන...

නාමල් කුමාර රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගනු ලැබූ සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර එළැඹෙන ජනවාරි 15 වනදා ​​දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඔහු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...

2024 රුපියලේ වර්ධනය 10.7%ක්

2024 වසරේ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 10.7%කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකුව ප්‍රකාශ කළේ, යූරෝ,...

POPULAR ARTICLES

බස් ගාස්තු ගැන අනතුරු ඇඟවීමක්

බස් ගාස්තු ලබන ජූලි මාසය වන විට අනිවාර්යෙන්ම අසීමිත ලෙස වැඩි වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඉන්ධන...

ටයර් ආනයනයට සීමා ?

ඉදිරියේදී දේශීය ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට තීරණය කිරීම සඳහා දේශීය ටයර් නිෂ්පාදන සංගමය හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන...

නාමල් කුමාර රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගනු ලැබූ සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර එළැඹෙන ජනවාරි 15 වනදා ​​දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඔහු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...