30 C
Colombo
Wednesday, December 25, 2024

කන්තලේ වේල්ල මත ඉදිකිරීමට ගිය ඇවිදින මංතීරුවත් අත්හිටුවයි

- Advertisement -

ප්‍රදේශවාසීන්ගෙන් එල්ලවූ දැඩි විරෝධය හේතුවෙන් කන්තලේ වැව් බැම්ම මත ඉදිකිරීමට යෝජනා කර තිබූ ඇවිදින මංතීරුවේ වැඩකටයුතු තාවකාලිව අත්හිටුවා තිබෙනවා.

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් නිහාල් සිරිවර්ධන මහතා පවසන්නේ එම ඉදිකිරිම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

කන්තලේ ජලාශයේ වේල්ල මත ඇවිදින මංතීරුවක් නිර්මාණය කිරීමේ සැලසුම පිළිබද මූලික සාකච්ඡාවක් පසුගිය 3 වැනිදා කන්තලේ ප්‍රාදේශීය සභාව විසින් කන්තලේ නගර ශාලාවේදී පැවැත්වූවා.

එම සාකච්ඡාවේදී පැවසුනේ මෙම ඇවිදින මංතීරු ව්‍යාපෘතියට රුපියල් මිලියන 20 ක ප්‍රතිපාදන වෙන්ව කර ඇති බවයි.

මීට පෙර පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළ පනාව මතද ඇවිදින මංතීරුවක් සෑදීමට ගොස් ඊට එල්ලවූ දැඩි විරෝධය මත එම ව්‍යාපෘතියද තාවකාලිකව නවතා දැමුණා.

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් නිහාල් සිරිවර්ධන මහතා පවසන්නේ ඇවිදින මංතීරුව ඉදිකිරිම වෙනුවෙන් දැනට ඉවත් කර ඇති පරාක්‍රම සමුද්‍රයේ රළපනාව යළි සකස් කිරිමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

RECENT ARTICLES - SINHALA

අලුත් වෙන්න යන තැපෑල

නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් ගොඩනැගීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා...

මාර්ග තදබදයක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්

අද (25) සවස දෙමටගොඩ පොලිස් වසමේ ඇතිවිය හැකි මාර්ග තදබදයක් සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ශ්‍රී විසුද්ධාරාම ලුනාව...

උත්සව සමයේ අන්තර්ජාල මුදල් වංචා ඉහළ ගිහින්

උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා කිරීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එම සංසදයේ ප්‍රධාන...

POPULAR ARTICLES