25.9 C
Colombo
Thursday, April 3, 2025

අවස්ථාවාදී ඇමති තනතුරු වලින් රට ගොඩ ගන්න බෑ..! – සජිත්

- Advertisement -

2019දී ශූරත්වය වීරත්වය ගැන සිතා ඇතැමුන් වැරදි මාවත තෝරාගත් බවත්, එයින් වසර දෙකකට පසු සිද්ධ වුණේ මන්දපෝෂණයෙන් පිරුණු රටක් බිහි වීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ගර්භණී මව්වරුන්ට පෝෂණ සලාකයවත් ලබා දෙන්නට නොහැකි තත්වයට බංකොළොත් වී ඇති රටක ඇමති තනතුරු ලබා ගැනීමට හිත හදා ගැනීමට හැක්කේ කාටදැයි විපක්ෂ නායකවරයා එහිදී විමසා සිටියා.

ගැබිණි මව්වරුන් වෙත වියළි සලාක ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් සංවිධානය කරනු ලැබීය. එය, කොලොන්න තුංකම තෙරුන්නාන්සේගම විහාරස්ථානයේදී ඊයේ (14) පැවැත්විණි.

සෞඛ්‍ය සම්පන්න දරු පිරිසක් සහ මව්වරුන් පිරිසක් බිහි කිරීම පවා සුරක්ෂිත ජාතික ආරක්ෂාව වෙනුවෙන් වැදගත් වන බව එහිදී අවධාරණය කරනු ලැබීය.

මේ මොහොතේ කළ යුත්තේ ඇමති තනතුරු ඇතුලු තාන්න මාන්න වෙනුවට රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීම උදෙසා අවංකව කැප වීම බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවස්ථාවාදී තනතුරු වලින් එය කළ නොහැකි බවත් අවධාරණය කර සිටියා.


RECENT ARTICLES - SINHALA

බීඩියක මිළ ඉහළට

සෑම බීඩි නිෂ්පාදනයක් සඳහාම දුම්කොළ බද්ද අද (02) සිට ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ බීඩියක් සඳහා පැවති රුපියල්...

තරුණියන්ගේ ඡායාරූප AIවලින් නිරුවත් කළ අයෙක් අත්අඩංගුවට

කාන්තාවන් දෙදෙනෙකුගේ සාමාන්‍ය ඡායාරූප කෘතීම බුද්ධිය (Artificial Intelligence) මඟින් නිරුවත් ආකාරයට සකස් කර ප්‍රචාරණය කිරීමේ සිද්ධින් දෙකකට සම්බන්ධ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට...

තරුණයින් පිරිසක් මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක

තරුණයින් පිරිසක් මාතලේ නගරය හරහා පෙළපාළියකින් පැමිණ අද (02) පෙරවරුවේ මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබුණා. එම තරුණයන් පිරිස එඩ්වඩ් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී...

POPULAR ARTICLES

බීඩියක මිළ ඉහළට

සෑම බීඩි නිෂ්පාදනයක් සඳහාම දුම්කොළ බද්ද අද (02) සිට ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ බීඩියක් සඳහා පැවති රුපියල්...

තරුණියන්ගේ ඡායාරූප AIවලින් නිරුවත් කළ අයෙක් අත්අඩංගුවට

කාන්තාවන් දෙදෙනෙකුගේ සාමාන්‍ය ඡායාරූප කෘතීම බුද්ධිය (Artificial Intelligence) මඟින් නිරුවත් ආකාරයට සකස් කර ප්‍රචාරණය කිරීමේ සිද්ධින් දෙකකට සම්බන්ධ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට...

සෙනෙට් සභිකයෙකුගෙන් පැය 25ක දේශනයක්

අමෙරිකාවේ සෙනෙට් සභිකයෙක් එරට දේශපාලන ඉතිහාසයේ දීර්ඝතම සෙනෙට් දේශනය සිදු කර තිබෙනවා. ඒ පැය 25යි විනාඩි 5ක කාලයක් ඉක්මවා යමින්. මෙම වාර්තාව පිහිටවූයේ ඩිමොක්‍රටික් පක්ෂයේ නිව්ජර්සි...