26 C
Colombo
Friday, March 7, 2025

රටේ ගෝත්‍රික සමාජයක් ඇති වෙලා; සිල් ගන්න..! – නාමල්

- Advertisement -

සංගීත සංදර්ශනයක් පැයකට පෙර නතර කිරීම හේතුවෙන් කෝප වී පහර දෙන තරුණ පිරිසක් සිටින රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ පසුගිය15වැනිදා බලපිටිය රන්දොඹේ සංඝරාජ පුරාණ විහාරස්ථානයේ නව සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීම නිමිත්තෙන් පැවති උත්සවයක් අමතමින්

කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීම සඳහා දේශපාලනඥයන් විසින් ජනතාව පන්සලෙන් ඈත් කිරීම හේතුවෙන් රට තුල ගෝත්‍රික සමාජයක් නිර්මාණය වී සමාජය බිඳ වැටී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපි ට ආණ්ඩුවක් විදියට ආර්ථික වශයෙන් අභියෝගයක් තිබෙනවා. ඒ වුණත් නිරන්තරයෙන් මෙම විහාරස්ථාන සංරක්ෂණය කිරීම කරනවා. කොවිඩ් රෝගය වෙලාවේ එන්නත්කරණය සමගම ජන ජීවිතය ගොඩ නගන්න කටයුතු කළා. කොවිඩ් නිසා වෙසක් පොසොන් වලදී සිල් සමාදන් වීමට බැරි වුණා.

තරුණයෝ ආගම සමග තිබූ සම්බන්ධතාවය නැති වුණා. පන්සලෙන් ඈත් වුණා. සමහර දේශපාලනඥයෝ පන්සලෙන් ඈත් කිරීමට කටයුතු කළා. පසුගිය කාලයේ අසන්න ලැබෙන පුවත් දැක්කම රට යන්නෙ කොහේ ද කියල පේනවා. සංගීත සංදර්ශනයක් පැයකට කලින් නතර කළා කියල තරුණ පිරිස පහර දෙනවා. ගෝත්‍රික සමාජයක් බවට පත්වෙලා.

සුබවාදී හිතන සමාජයක් ගොඩනැගිය යුතුයි. කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කළත් මිනිසුන් හැදෙන්නේ නැත්නම් ඇති වැඩක් නැහැ. බිඳ වැටිච්ච සමාජයක් තුළ රටක් ගොඩ නැගීම ඵලක් නැහැ.”

RECENT ARTICLES - SINHALA

එකම ලියාපදිංචි අංකය තියෙන කාර් දෙකක් පොලිස් භාරයට

එක හා සමාන ලියාපදිංචි අංක සහිත මෝටර් රථ 02ක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. ඊයේ (05) වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල ප්‍රදේශයේ පුද්ගලයෙකුට...

මර්වින් රිමාන්ඩ් කළ ඉඩම් නඩුව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ බත්තරමුල්ල...

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට හේතුව

අනුර විදානගමගේ හෙවත් කජ්ජා හා ඔහුගේ දරුදෙදෙනා මිද්දෙණියේදී ඝාතනය කර ඇත්තේ බැකෝ සමන්ට අයත් ගංජා පාර්සලයක් පැහැරගැනීමේ සිද්ධියකට එකටඑක කිරීමක් බව විමර්ශන මගින්...

POPULAR ARTICLES