27 C
Colombo
Wednesday, October 30, 2024

රට පාලනේ කරන්නේ වැඩ බැරි තුන්දෙනෙක් – මධුර විතානගේ

- Advertisement -

රට අර්බුදයකට යමින් තිබෙන අතර IMF ණය වාරිකය ලැබෙන්නේ ද?නැද්ද? යන්න පිළිබඳව ආණ්ඩුව රටට හෙළි කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා පවසනවා.

මේ වන විට වැඩ බැරි තුන්දෙනෙක් රට පාලනය කරමින් සිටින අතර වැඩ බැරි අය පාර්ලිමේන්තුවට නොඑවන ලෙස විතානගේ මහතා පවසා සිටියා.

අද (30) කොල්ලුපිටියේදී පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළා.

රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටියේ නම් නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර අයවැය සම්මත කරගැනීමට තිබුණු බවද ඔහු තවදුරටත් සඳහන්කරමින් පවසා සිටියේ,

”වැඩ බැරි මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට එවන්න එපා. මේ වනවකොට වැඩ බැරි තුන්දෙනෙක් රට කරගෙන ඉන්නවා. අද වෙනකොට වැඩවර්ජන මෙහෙයවපු කට්ටිය ආණ්ඩුවේ ඉන්නවා. 2025 අයවැයෙන් සහන දෙන්න රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටියේ. පඩි වැඩි කිරීම සඳහා කමිටුවක් පත්කර කමිටු වාර්තාව ජනාධිපතිතුමාට ලබා දි තිබෙනවා. වැඩ බැරි ආණ්ඩුව වගකීම් වලින් පැනලා යන්න හදනවා. ක්‍රියාපටිපාටි නොදන්න ජනාධිපතිවරය සහ නොදන්නා අගමැතිවරයෙක් ඉන්නේ. නීති සහ රෙගුලාසි නොදන්න අයයි මේ කට්ටිය. රනිල් ජනාධිපතිවරයා හිටියනං නොවැම්බර් මාසේ පාර්ලිමේන්තු විසුරුවා හැරලා අයවැය සම්මත කරගන්න ඉඩ තිබුණා.IMF ණය වාරිකය ලැබෙනවද නැද්ද කියලා මේ අය රටට හෙළි කළ යුතුයි. භයානක ආර්ථික අර්බුදයකට රට පත්වෙමින් තිබෙනවා. අවදානම් තත්ත්වයකට පත්වී තිබෙන්නේ.අභියෝගාත්මක පාර්ලිමේන්තුවක් ඉදිරියේදී අපට ලැබෙනවා. රජයට අභියෝග කරනවා අපි කියන එවා බොරු නම් කියන්න කියලා. රේගුව මිලියන ගාණක් බදු ආදායම් රජයට ලබා දී තිබෙනවා. අනුර කුමාරට කියනවා මාස හයෙන් හයට රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි වෙන්න එක පෙන්නන්න කියලා කරන්නේ කොහොමද කියලා.”

RECENT ARTICLES - SINHALA

අස්ථාන ගතවු පොත් දොළහ ගැන අධිකරණය දුන් නියෝගය

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ පොත් 12ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව සේවකයන් 08 දෙනෙකුගේ දුරකථන වාර්තා පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ. නාරාහේන්පිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ...

EPF සම්බන්ධ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේප කෙරේ

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9 % දක්වා අඩු...

රාත්‍රී තැපැල් දුම්රිය ගැන දැනුම් දිමක්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය ක්‍රියාත්මක වුවද අද (30) රාත්‍රී ධාවනය වීමට නියමිත සියලු රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසනවා. ඒ අනුව...

POPULAR ARTICLES

2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම් දිමක්

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි...

වාහන ආනයනය ගැන රජයෙන් තීරණයක්

වාහන ආනයනය සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයකට යටත්ව ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට...

මහව – ඕමන්තේ දුම්රිය මාර්ගය ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මහව සහ ඕමන්තේ දුම්රිය මාර්ගය අතර දුම්රිය ධාවනය අනාරක්ෂිත බවට පළවන වාර්තා සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ ඇතැම් වෘත්තිය සමිති...