34 C
Colombo
Saturday, April 26, 2025

රැඳවියන් හැදූ මෙරට විශාලතම කිරිබත

- Advertisement -

වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවුවන්ගේ දෑතින් ඊයේ (14) දින ලංකාවේ විශාලතම කිරිබත සකස් කර තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි රැඳවුවන් 50කට අධීක පිරිසකගේ දායකත්වයෙන්අ ඊයේ අලුයම සකස් කළ  මෙම අවුරුදු කිරිබතට කැකුළු  සහල් කිලෝ 400ක් ,පොල් ගෙඩි 705ක් ඒ් සඳහා යොදා ගෙන තිබුණා.

මෙම කිරිබත වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි සහ කාන්තා අංශයේ සිටින රැඳවුවන් 3300කට ආසන්න පිරිසකට අවුරුදු දා රසවිඳීමට හැකි වී ඇති අතර ඒක් අයකුට හිමිවූ කිරිබත් කැටයක ප්‍රමාණය ග්‍රෑම් 225ක්.

අද අලුත් අවුරුදුදා මෙරට සියලුම බන්ධනාගාරවල අවුරුදු කිරිබතක් රැඳවුවන් 30,000කට ආසන්න ප්‍රමාණයක් සඳහා පිළියෙළ වූ අතර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී .බී.දිසානායක මහතා පැවැසුවේ 30,000ක් පමණ රැඳවුවන් විශාල පිරිසක් ඒකම කාල පරාසයක් තුළදී අවුරුදු කිරිබතක රස බැලීමද විශේෂත්වයක් බවයි.

අවුරුදු කිරිබතක් පිළීයෙළ කිරීම වගේම රැඳවුවන් වෙනුවෙන් අවුරුදු චාරිත්‍ර බන්ධනාගාර තුළ ඉටු කිරීමද ඒ ඒ බන්ධනාගාරයන් තුළදී ඊයේ සිදු වූ බවත් 16 වැනිදා ට යෙදෙන හිසතෙල් ගෑමේ චාරිත්‍රයද රැඳවුවන් වෙනුවෙන් ඒ ඒ බන්ධනාගාරවලදී ඉටු කරන බවත් ගාමිණි බී. දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, යම් සේවකයෙකු විසින්...

බංග්ලාදේශ කප්පම් කල්ලියක් ලාංකිකයන් තිදෙනෙක් පැහැරගෙන

ව්‍යාපාරික කටයුත්තක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් සිටියදී කප්පම් කල්ලියක් විසින් පැහැරගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු එරට පොලීසිය විසින් මේ වනවිට බේරාගෙන ඇති බව...

‘සිරි දළදා වන්දනාව’ අවසන් වන දිනය ගැන දැනුම්දීමක්

සැලසුම් කළ පරිදි 'සිරි දළදා වන්දනාව' එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. දියවඩන නිලමේවරයා...

POPULAR ARTICLES