අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාකරුවන් මාලිගාවත්ත පොලිස් වසම තුළ පිහිටි මාර්ග කිහිපයකට අද (08) සහ හෙට දින ඇතුළුවීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණය විසින්ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මාලිගාවත්ත පොලිසිය විසින් මෙම ඉල්ලීම අද කොළඹ මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත) මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.
මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාකරුවන්ට කුරුඳුවත්ත පොලිස් වසම තුළ පිහිටි මාර්ග කිහිපයකට අද (08) සහ හෙට දින ඇතුළුවීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලීසිය විසින් කරන ලද ඉල්ලීමද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.
කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම ඉල්ලීම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා.