25.2 C
Colombo
Thursday, November 28, 2024

රාජපක්ෂලාට රට පැනීම වළක්වනැන්යි ඉල්ලූ පෙත්සමට උසාවියෙන් ළඟ දිනයක්

- Advertisement -

රාජපක්ෂවරුන් මෙරටින් පළායෑම වළක්වන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සඳහා ළඟ දිනයක් ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියෝග කළා.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ්.ඩී. ලක්ෂ්මන් යන අයට, ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව අනුමැතියකින් තොරව රට හැර යාම වළක්වන ලෙස ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉකුත් 06 වෙනිදා ගොනුකර තිබුණා.

ශ්‍රී ලංකා හිටපු පිහිනුම් ක්‍රීඩක සහ පුහුණුකරු ජූලියන් බෝලින්, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, ජෙහාන් කනගරත්න සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් මූල්‍ය අක්‍රමිකතා සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ වැරදි කළමනාකරණය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව අධිකරණය තීරණය කළේ අදාළ පෙත්සම එළැඹෙන ජූලි 27 වැනිදා මෙම පෙත්සම කැඳවීමටයි.

කෙසේවෙතත් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම දැඩි හදිසි අවශ්‍යතාවක් පවතින බැවින්, එය එළඹෙන ජූලි මස 14 වැනිදාට කැඳවීමට කටයුතු කරන ලෙස නීතීඥ උපේන්ද්‍ර ගුණසේකර මහතා මාර්ගයෙන් මාර්ගයෙන් අද මෝසමක් ඉදිරිපත් කළා.

පෙත්සම යළි කැඳවීමට මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටි පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ මෙම පිරිස මේ මොහොතේ රටින් පලා ගියහොත් එය යළි පියවා ගත නොහැකි පාඩුවක් වන බවයි.

ඒ අනුව මෙම මෝසම සලකා බැලූ අධිකරණය එළඹෙන 14 වැනි දා මෙම පෙත්සම කැඳවීමට තීරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ...

POPULAR ARTICLES