25 C
Colombo
Thursday, March 20, 2025

ලලිත් කොතලාවලගේ මරණ පරීක්ෂණ වාර්තාව ඉල්ලා අධිකරණයෙන් නොතිසි

- Advertisement -

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නොතීසි නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා ඊයේ (22) නියෝග කර තිබෙනවා.

කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණ තීන්දුව පසුගිය නොවැම්බර් 14 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූණා.

නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර නොතිබීම නිසා එම තීන්දුව ලබාදීම කල්තැබීමට මහේස්ත්‍රාත්වරයා විසින් මීට පෙර කටයුතු කළා.

මරණ පරීක්ෂණය කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා දේහයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයාට යොමුකර ඇති හෙයින් එම වාර්තා ලැබෙන තෙක් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට සිය වාර්තා ඉදිරිපත් කිරීම ප්‍රමාද වී ඇති බව කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයට අදාල සාක්ෂි ලබාදීම මේ වනවිට අවසන් කර ඇති අතර මරණ පරීක්ෂණයට අදාළව සාක්ෂිකරුවන් 8 දෙනෙකු අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදී තිබුණා.

මියගිය කොතලාවල මහතාගේ බිරියගේ සහෝදරියක් වන ෂෙරින් පේෂන් විජේරත්න, හා බම්බලපිටිය පොලීසියේ සැරයන් (8764) විමලරත්න මෙන්ම කොතලාවල මහතා යටතේ සේවය කළ සේවකයන් වන සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට සම්බන්ධ ගෝල්ඩන්කී තැන්පත්කරුවන්ගේ සංගමයේ ජූඩ් මාකෝ පෙරේරා,යූ.ඩී රම්‍යා,සිසිර කුමාර සමරසිංහ,මහින්ද උපසේන වඩුගේ,සුනේත්‍රා කුමාරි රණසිංහ,හා දිනේෂ් සඳරුවන් ජයවීර යන අය එසේ සාක්ෂි ලබාදි තිබුණා.

RECENT ARTICLES - SINHALA

පියුමිගේ ක්‍රීම් ගැන හෙළිදරව්වක්

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි විසින් ඉතා අඩු මුදලකට මිලදී ගන්නා ලද සම පැහැපත් කරන ආලේපන වර්ග ඉතා ඉහළ ලාභයක් තබාගෙන අලෙවි කර ඇති බවට...

රජයේ සන්නාමයකින් ඉදිරියේදී මේස ලුණු

රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කරන බව ජාතික ලුණු සමාගම පවසනවා. අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව ජනතා අයිතියට පත් කිරීමත් සමග බව පැවසෙනවා. එම...

රිලව් මරලා දාන්න මන්ත්‍රී කෙනෙක්ගෙන් යෝජනාවක්

වගාවට හානි කරන රිලව් මරා දැමිය යුතු බව සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පවසනවා. වගා බිමට පැමිණෙන රිලව් මරා දැමීමට අවශ්‍ය...

POPULAR ARTICLES