24 C
Colombo
Tuesday, October 22, 2024

කෙහෙළියගේ මල්වඩම් සිදුවිමේ විඩියෝ දර්ශන උසාවිය ඉල්ලලා

- Advertisement -

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මගින් මල් වඩම් තැබීමේ සිද්ධියට අදාල සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන කුරුඳු වත්ත පොලිසියට ලබා දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රූපවාහිනි මාධ්‍ය ආයතන වලට අද (21) නියෝග කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට මල් වඩම් තබමින් සාපරධි බිය ගැන්වීමක් කළේ යැයි කියන සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතාට එරෙහි විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළා.

සිදුවිම කැඳවූ අවස්ථාවේදී සැකකාර චමල් මහතා අධිකරණයේ පෙනී සිටි අතර කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් රූපවාහිනී ආයතන කීපයක් ප්‍රවෘත්ති විකාශය මගින් ප්‍රචාරය කළ දර්ශන ලබාදී ඇතත් සංස්කරණය නොකළ දර්ශන ලබාදී නොමැති බැවින් අදාළ දර්ශන ලබා දෙන ලෙසට නියෝග කරන ලෙස ඉල්ලා සිටියා.

සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන නීතිපතිවරයා වෙත යොමු කර නීති උපදෙස් ලබා ගත යුතු බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

සැකකරු වෙනුවෙන් නීතිඥ මර්වින් සිල්වා මහතා පෙනී සිටි අතර මෙම නඩුව දේශපාලන කාරණා පදනම් කරගෙන පවරා ඇති එබැවින් අදාළ වීඩියෝ දර්ශන නරඹා සිය සේවා දායකයා මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ වීඩියෝ දර්ශන නැරඹීමෙන් පසුව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය නොවන්නේ නම් සැකකරු මුදා හැරීම සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන බව සඳහන් කළා.

නිල නිවස ඉදිරිපිට මල් වඩමක් තබමින් සපරාදී බිය ගැන්වීමක් හා අපහාසයක් සිදු කර ඇති බවට අමාත්‍යවරයාගේ දියණිය වන හිරුණිකා රඹුක්වැල්ල කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

ඉමියුනොගොලොබියුන් ඖෂධ වංචාව සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් මල් වඩම් තබමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වීඩියෝ දර්ශන ලබාගැනීම සඳහා නියෝග නිකුත් කරමින් නීතිපතිවරයාගේ උපදෙස් සහ වැඩිදුර විමර්ශන වාර්තා පෙබරවාරි 10 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

ජල සැපයුම ගැන ප්‍රදේශ කිහිපයකට විශේෂ දැනුම්දීමක්

ජල සැපයුම් නල මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්තික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජල සම්පාදන සහ...

කෘෂිකර්ම අමාත්‍යාංශයට ගත්ත ගොඩනැගිල්ලක් ගැන විමර්ශන

පසුගිය රජයන් සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ යම් යම් අක්‍රමිකතා සිදුව ඇති බව ඉඩම්, කෘෂිකර්ම, පශූ සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්....

ඇල්පිටියේ ඡන්දේ ගැන කොමිසමෙන් දැනුම්දීමක්

ලබන 26 වනදා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය පැවැත්වීමට නියමිතයි. එබැවින් නිහඩ කාලය තුළ එම බල ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වීමෙන් වලකින ලෙස මැතිවරණ කොමිසම...

POPULAR ARTICLES

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

Mr කොත්තුගේ බොරු නඩුවෙන් විමුක්ති නිදහස්

Mr කොත්තු අධිපති විරාජ් වික්‍රමනායක විසින් පවරා තිබු කප්පම් චෝදනාවකට අදාළ නඩුවෙන් විමුක්ති රණසිංහව නිදොස් කොට නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීරණය කර...

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න

තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ, අද (20) පෙ.ව. 07.00 ට නිකුත් කරන...