අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාකරුවන්ට කුරුඳුවත්ත පොලිස් වසම තුළ පිහිටි මාර්ග කිහිපයකට අද (08) සහ හෙට දින ඇතුළුවීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම ඉල්ලීම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.
මේ අතර අද සහ හෙට යන දෙදින තුළ කොටුවේ සහ පිටකොටුවේ පැවැත්වීමට නියමිත විරෝධතා වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය විසින් ඊයේ (07) ඉවත දැමූවා.
ඒ කොටුව පොලීසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කළ මෙම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි.
එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා දැනුම් දුන්නේ කිසියම් අපරාධයක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලතල පවතින බැවින් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.