රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කළ පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ දිසා අධිකරණය වගඋත්තරකරුවන්ට කල් ලබාදී තිබෙනවා.
මේ අනුව සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කටයුතු කිරීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඒ මහත්මිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා මැයි මස 22 වනදා දක්වා අධිකරණය විසින් වගඋත්තරකරුවන්ට කල් ලබාදී තිබෙනවා.