28 C
Colombo
Sunday, September 8, 2024

ක්‍රිකට් කොන්ත්‍රාත් අර්බුදය විසඳෙයි

- Advertisement -

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම සම්බන්ධයෙන් තිබුණු අර්බුදය නිමා වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

මීට හේතු වී ඇත්තේ එංගලන්ත සංචාරය නිම කර පැමිණි සියලු ක්‍රීඩකයින් ඉදිරි වසර සඳහා වන කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් තැබීමයි.

තරඟ සංචාරය නිමවා ඊයේ (06) සවස දිවයිනට පැමිණි ක්‍රීඩකයින් හට ගිවිසුමට අත්සන් තැබීම සඳහා ක්‍රිකට් ආයතනය මගින් අද උදෑසන 8 දක්වා කාලය ලබාදී තිබුණා.

එම කාලය තුල ගිවිසුම් ගත නොවන ක්‍රීඩකයින් ඉදිරි ඉන්දීය තරඟාවලියට ඇතුලත් කර නොගන්නා බවටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනතුරු අඟවනු ලැබුවා.

කෙසේ වෙතත් දිවයිනට පැමිණි සියලු ක්‍රීඩකයින් ලබා දී තිබූ කාලය ඉකුත් වීමට පෙර ඉදිරි වසර සඳහා වන ක්‍රීඩක ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ඔවුන් වර්ග කිරීමේදී අනුගමනය කළ ක්‍රමවේදය සම්බන්ධයෙන් නිසි පාරදෘශ්‍යභාවයක් නොතිබූ බව පවසමින් ගිවිසුමට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව කණ්ඩායම එංගලන්ත සංචාරය සඳහා පිටත්ව ගියේ තරගාවලි ගිවිසුම (Tour Contract) පමණක් අත්සන් කරමින්.

RECENT ARTICLES - SINHALA

21න් පස්සේ හොර නඩයම දොට්ට දාන්නෙ මෙහමයි – අනුර

එළඹෙන 21 දිනයෙන් පසුව තම පක්ෂය පිහිටුවන රජයේ රාජ්‍ය ඇමතිවරු නොමැති නියෝජ්‍යය ඇමතිවරු පමණක් සිටින 25 දෙනෙකුගෙන් යුත් විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් සාදන බව...

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනය අද 

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (08) දිනය ප්‍රකාශයට පත්කර ඇති නිසා අද පෙ.ව. 8.00 සිට ප.ව....

මිනිස්සු බය කරන එක ජේ.වී.පී එකේ ස්ටයිල් එක – රනිල්

අනුර කුමාර දිසානායක මහතා යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දකුණේ මතයට...

POPULAR ARTICLES

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...

අනුර ගැන රනිල්ගෙන් අනාවැකියක්

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඇතැම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ඇතැම් ක්‍රියා අනුර දිසානායකට...

ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යට දැමූ දේශපාලනඥයෙකුට වැඩ වරදී

අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ...